Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


ඩුල්ලක් වෙනුවෙන් මිය යා හැකි බව තමනටද කිව හැකි නමුත් තමන් මියගියහොත් කඩුළු ලබාගන්න්නේ කවුදැයි ලෝක පූජිත සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්  ප්‍රශ්න කරනවා. එනිසා අපට අවශ්‍ය වන්නේ රට වෙනුවෙන් මියයන පුද්ගලයකු නොව රට වෙනුවෙන් ජීවත්වන අයෙකු බවද ඔහු සඳහන් කරනවා. රටේ පාලනය ඉල්ලා සිටින පුද්ගලයන් රට වෙනුවෙන් මිය යාම නොව රට වෙනුවෙන් ජීවත් වීම කළ යුතු බවයි ඔහු කියා සිටිනෙන. 

රටට රැකවරණයක් ලබාදිය හැකි අයෙක්, රටට සේවයක් කළ අයෙක් රට පාලනයට පත්කළ යුතු බවද ඉදිරියේදී ඒ සදහා තීරණාත්මක අවස්ථාවක් උදාවන බවද ඔහු පවසනවා. ඔහු මේ බව කියා සිටියේ වියත්මග තරුණ සමුළුවට සම්බන්ධවෙමින් එහිදී අදහස් පළ කරමින්. 

වියත්මත මහ සමුළුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ඊයේ(08) පැවැත්වුණා. මුත්තයියා මුරලිදරන් ගේ ප්‍රකාශයේ සම්පූර්ණ වීඩියෝව පහතින්.

තවත් පුවත්

Gossip Lanka Side News

Gossip Lanka Stats

Like Us on Facebook