gossiplanka alexa රනිල් ජනාධිපති වී සජිත් අගමැති වීමට තීරණයක්,එක්සත් ජාතික පක්ෂයේ තවත් ගැ‍ටුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රනිල් ජනාධිපති වී සජිත් අගමැති වීමට තීරණයක්,එක්සත් ජාතික පක්ෂයේ තවත් ගැ‍ටුමක්

දිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත් තමා සමග එක්‌වීමට අකමැති අයට දේශපාලන තීන්දුවක්‌ ගත හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 වැනිදා) අරලියගහ මන්දිරයේදී පැවැති පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවේදී පැවසුවේ යැයි ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

එ. ජා. ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මෙම සාකච්ඡාවට සහභාගි වී නොමැති අතර ඔහු නියෝජනය කරමින් ඇමැතිවරුන් වන කබීර් හෂීම්, මලික්‌ සමරවික්‍රම සහ රංජිත් මද්දුමබණ්‌ඩාර යන මහත්වරුන් සහභාගි වී තිබෙනවා.

ලක්‌ෂ්මන් කිරිඇල්ල,  අකිල විරාඡ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, රවි කරුණානායක, දයා ගමගේ,  සරත් ෆොන්සේකා යන අයද මෙම හමුවට සහභාගී වී ඇති බව සඳහන්.

සාකච්ඡාව ආරම්භයේදීම අගමැතිවරයා සඳහන් කර ඇත්තේ තමාට බිම්මට්‌ටමේ මෙන්ම පක්‍ෂයේ සෑම තරාතිරමකම සහයෝගය ඇති බැවින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්තක්‌ ඇති බවය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ මෙන්ම එක්‌සත් ජාතික පෙරමුණේ ද සුළු පක්‍ෂවල ද සහයෝගය තමාට ලැබී ඇති බැවින් පක්‍ෂ නායකයා ලෙස තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව සඳහන් කර ඇති අගමැතිවරයා මේ සම්බන්ධ යෝජනාව පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට ඉදිරිපත් කළ පසු ඕනෑම අයකුට ඒ සම්බන්ධව තීරණයක්‌ ගත හැකි බව ද කියා තිබෙනවා.

මෙම හමුවේදී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පිරිස් විසින් යෝජනා කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂක ලෙසත් අගමැති අපේක්‍ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් ඉදිරිපත් කළ යුතු බවයි.

එසේ කළහොත් පක්ෂයේ නොබදෙී එකට තබාගත හැකි බව ඔවුන්ගේ අදහසයි.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා  විසින් අගමැති ධුර අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

මෙම සාකච්ඡාව අවසානයේදී දෙපාර්ශ්වයම තීරණය කර ඇත්තේ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු පමණක්‌ හමුවී යම් එකඟතාවකට පැමිණිය යුතු බවයි.

ඒ අනුව හෙට (08 දා) සවස ඔවුන් දෙදෙනාගේ හමුවක්‌ කොළඹදී පැවැත්වීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu