gossiplanka alexa වස්කඩුව බස් රථ අනතුරු ඛේදවාචකයේ ලංගම බස් රථ රියදුරු වෙනුවෙන් ලියවුණු සංවේදී සටහන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වස්කඩුව බස් රථ අනතුරු ඛේදවාචකයේ ලංගම බස් රථ රියදුරු වෙනුවෙන් ලියවුණු සංවේදී සටහන

ළුතර වස්කඩුව ගාලූපාරේදී ඊයේ (4 දා) අලූයම 4.45 ට පමණ මගී ප‍්‍රවාහන බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් හය දෙනකු මියගිය අතර බරපතළ තුවාල ලැබූ 52 දෙනකු කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කලා. මුලතිව් සිට තංගල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් හා ඇල්පිටිය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ඇල්පිටිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් මෙසේ අනතුරට ලක් වුණා.

බස් රථවල අධික වේගය නිසා මෙම අනතුර සිදු වූවා යැයි බොහෝ දෙනා චෝදනා නගද්දී අනතුරින් මියගිය ලංගම බස් රථයේ රියදුරු වෙනුවෙන් ඔහුගේ මිතුරෙකු තැබූ සංවේදී සටහනකි මේ.

''....සොයුර ඔබට නිවන් සුව....!!!
----------------------------------------------
වෙනදා මෙන්ම ඔබ අළුයම පිබිදෙන්න ඇති.ලහි ලහියේ සූදානම්ව දෙවියන් බුදුන් සිහිකර රියදුරු අසුනේ හිඳගන්න ඇති.සිනහවකින් මුව සරසාගෙන බසයට නගින සැමට සුභ උදෑසනක් පතන්න ඇති......
වෙනදා හිරු නැගෙන්නට කලින් අගනුවරට ළඟා වන ඔබට 2019.08.04 දින වස්කඩුවෙන් නතරවන්නට සිදු විය.ඒ ඔබ ඇතුළු තව 7 දෙනෙකුගේ සුසුම් වාතලයට මුසු කරමින්‍..😓😓

ඔබගේ අධිවේගය අනතුරට හේතුවක් විය,අධිවේගයෙන් ගියේ ඊයේ උදෑසන පමණක් නොවේ....අළුයම3-4ත් අතර කාලයේ ඇල්පිටිය,අම්බලන්ගොඩ,ගාල්ල,උඩුගම ඩිපෝ වලින් අදාල ප්‍රදේශවල ඇතුලත කුඩා උප නගර වල සිට ලංගම බස් රථ ප්‍රමාණයක් අගනුවර බලා පිටත් වේ.ඒ සියල්ලම අධිවේගයෙන් ගාලු පාර ඔස්සේ කොළඹට එන්නේ මුදල් සෙවීමේ තරඟයට වත් ආතල් එකට වත් නොවේ...

තමන්ගේ රාජකාරි ස්ථාන වලට උදෑසනම ළඟා විය යුතු අය,පානදුරෙන් රත්නපුර දෙසට යා යුතු අය,ගල්කිස්සෙන් උදෑසන අරඹන යාල් දේවී දුම්රියෙන් අනුරාධපුරය- යාපනය දක්වා ගමන් කරන මගීන්...ආදී නොයෙකුත් අවශ්‍යතාවන්ට අගනුවර බලා ගමන් ගන්නා මගීන් හිරු නැගෙන්නට කලින් මධ්‍යම බස් නැවතුමෙන් බස්සවන්නටය...

එහෙත් ඔබ ඊයේ අවාසනාවන්ත විය.වසර ගනනාවකට කලින් ඇල්පිටියේම පුද්ගලික බස් රියක් මාරාන්තික අනතුරකට ලක් වු තැනට නුදුරින් ඔබ අනතුරට පත් වූයේ ඔබ ඇතුළු 7 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින්....
ඉතින් තත්පරයක අතපසු වීමක් මහා විනාශයක් බවට පත් වූයේ ජීවිතයේ අනියත බව පසක් කරමින්..

සොයුර,ඔබ ඇතුළු මිය ගිය සියලු දෙනාට නිවන් සුව!! තුවාල ලත් සියලු දෙනාට ඉක්මන් සුව ලැබේවා!!😓😓
විශෙෂයෙන් කිව යුතුයි රියදුරාගේ අපරික්ෂාකාරි ධාවනය ගැන පවසන ඔබ වස්කඩුව ප්‍රදෙශයේ ගාල්ල-කොළඹ මාර්ගයේ පවතින තත්වය සොයා බලන්න,මාර්ගය ඉතා පටුය...රටේ බළධාරින් කියා ගන්නා බත් කන හරකුන්ට දැන්වත් මේ මාර්ගය පුළුල් කිරීමට දෑස් පෑදේවා😓

(ඡායාරූප මුල් හිමිකරුවන් සතුයි..)





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu