Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ප්‍රගතිශීලී සන්ධානයේ නායක ඇමැති මනෝ ගනේෂන් මහතා  දෙණියායේදී පැවති උත්සවයකට සහභාගී වෙමින් පවසා සිටියේ  නිවැරදි තීන්දුවක් නොගතහොත්  එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලන කනත්තට යන්න තමන් සූදානම් නැති බවයි.

 එක්සත් ජාතික පක්ෂය සමග බලහත්කාරයෙන් සන්ධානයක් ඇති කර ගැනීමට උවමනාවක් තමනට නැතැයිද එම පක්ෂයේ ඇති කුණු එළිපිට පිරිසුදු කරන්න එපා යැයි ද ඔහු මෙහි දී සඳහන් කර සිටියා. තමන්ට තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවත් තම ඉවසීමට ද යම් සීමාවක් ඇති බව ද ඇමතිවරයා පැවසුවා.

තම දැනුම් දීමට ඉක්මන් ප්‍රතිචාරයක් නොලද හොත් තම පක්ෂය එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වීමට තීරණය කරන බවද ඔහු අවධාරණය කලා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page