gossiplanka alexa ගෝඨාභයගේ ජීවිතය අනතුරේ, එල්.ටී.ටී.ඊ, පාතාලය සහ විදෙස් බලවේග ගැන බුද්ධි අංශ ප්‍රධානීන් හෙළිකරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨාභයගේ ජීවිතය අනතුරේ, එල්.ටී.ටී.ඊ, පාතාලය සහ විදෙස් බලවේග ගැන බුද්ධි අංශ ප්‍රධානීන් හෙළිකරයි

නාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වහාම විශේෂ ආරක්ෂාවක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය අධ්‍යයනය කරගෙන යන බව ඉහළ පෙළේ ආරංචිමාර්ග අනාවරණය කරනවා. ඒ එල්.ටී.ටී.ඊ. ඇතුළු අන්තවාදී කණ්ඩායම්වල හා පාතාලයේ ප්‍රභල ඉලක්කයක්ව පවතින බව බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීමක් සමඟයි. 

එම ආරංචි මාර්ග සනාථ කරන්නේ මේ සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ආරක්ෂක ලේකම් සාන්ත කෝට්ටෙගොඩ ප්‍රමුඛ ආරක්ෂක මණ්ඩල ප්‍රධානීන් ද අවධානය යොමුකර ඊට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි. 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්ප්‍රාප්තියට එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව, පාතාල කල්ලි මෙන්ම අන්තවාදී කණ්ඩායම්ද බියට පත්ව ඇති බවත් විදෙස් බලවේග සමග එක්ව ප්‍රභූ ඝාතනයකට උත්සාහ කළ හැකි බවත් බුද්ධි අංශ අනතුරු අඟවා තිබෙනවා. 

දෙමළ ඩයස්පෝරාවේ මෙහෙයවීම මත ක්‍රියාත්මක එල්.ටී.ටී.ඊ. කණ්ඩායම්, පාතාල කණ්ඩායම් සමග එක්වී දකුණේ ප්‍රභූවරුන් ඝාතනය කිරීමට කළ සැලසුම් කිහිපයක වැඩිම තර්ජනය ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත බවද බුද්ධි අංශ අනාවරණය කර තිබෙනවා. 

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු ප්‍රධානි, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ සහාය ඇතිව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනයට සැලසුම් කළ බවට බුද්ධි අංශ කරගෙන යන විමර්ශනවලදී තොරතුරු හමුවුණා. කුගන් සාමි හෙවත් කනපති කදිරවේලි නමැති හින්දු පූජකවරයා පොහොට්ටුව නියෝජනය කරන දේශපාලනඥයකු ඝාතනයට සැලසුම් කළ බවද හමුදා බුද්ධි අංශය හා රාජ්‍ය ඔත්තු සේවාව අනාවරණය කර තිබෙනවා. 

පසුගිය වසරේ ජුනි 22 වැනිදා ඔඩ්ඩුසුඩාන්වලදී අල්ලාගත් දිනේෂ් නමැති කොටි සාමාජිකයාගෙන් හෙළි වූ තොරතුරු අනුව සොයාගත් අවි ආයුධවලට අමතරව ප්‍රභූ ඝාතනයක් සඳහා සඟවා තැබූ ස්නයිපර් දෙකක් ද කුමාන්කුලම් ප්‍රදේශයෙන් ගොඩගත් බව වාර්තා වුණා. නමුත් එම ස්නයිපර් අවිවලට සිදුවූ දේ හෙළිනොවුණු අතර ප්‍රභූ ඝාතන සඳහා ඒවා දකුණට එවා ඇතැයි යුද හමුදා බුද්ධි අංශවලට හෙළි වී තිබෙනවා. දකුණේ පාතාලයේ කොස්ගොඩ තාරක කල්ලිය හා කොස්ගොඩ සුජිත් කල්ලිය, පාකිස්තානු අන්තවාදී කණ්ඩායම් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව මෙරටට ආර්.පී.ජී. අවි දෙකක් ඇතුළු ආයුධ තොගයක් එවා ඇතැයි ද බුද්ධි අංශවලට තොරතුරු වාර්තා කරනවා. 

අයියර් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පසුව හෙළිවුණේ ජාත්‍යන්තරයේ වුවමනාව මත වින්දන්, කාර්තික් ඇතුළු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සහ දකුණේ පාතාලය සමග සම්බන්ධකම් පත්වන ගණේමුල්ල සංජීව කල්ලිය ඇතුළු කණ්ඩායම් පොහොට්ටුවේ ඉලක්කයක් සඳහා සැලසුම් කරන බවයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu