gossiplanka alexa උණ රෝගීන්ට ඇස්ප්‍රීන් දීමෙන් වළකින්නැයි නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උණ රෝගීන්ට ඇස්ප්‍රීන් දීමෙන් වළකින්නැයි නිවේදනයක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින්  ඉල්ලා සිටින්නේ උණ රෝගය සඳහා ඇස්ප්‍රින් ඇතුළු ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ භාවිතයෙන් වළකින ලෙසයි. උණ රෝගය සඳහා ඇස්ප්‍රින් ඇතුළු ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ භාවිතය අනතුරු සහිත බව ඔහු පෙන්වා දෙනවා.

පසුගිය දිනවල මෙම ඖෂධ භාවිතා කරන ලද රෝගීන්ගේ රෝගය උත්සන්නවීම් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව ඔහු වැඩි දුරටත් කියා සිටිනවා. ඇස්ප්‍රින්, ඉබුප්‍රොෆෙන්, ඩයික්ලොෆිනැන් සෝඩියම් සහ මෙෆනමික් ඇසිඩ් වැනි ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ හෝ ස්ටීරොයිඩ් ගණයට අයත් ප්‍රෙඩ්නිසිලෝන්, මිතයිල් ප්‍රෙඩ්නිසිලෝන්, ඩෙක්සාමෙතසෝන් යන ඖෂධ උණ රෝගී තත්ත්වයෙන් පෙලෙන රෝගියෙකුට ලබා නොදිය යුතු බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

යම් හෙයකින් අදාල ඖෂධ භාවිතා කිරීමේදී රෝගීය ඩෙංගු රෝගියෙකු නම් රෝගය උත්සන්න වී මාරාන්තික විමට ද හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. නිරත දිග මෝසම් වර්ෂාව සක්‍රීයව පවතින බැවින් දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යාමක් පවතිනවා. 

කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu