gossiplanka alexa මාළු ටැංකියක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ දරුවෙකුගේ දුක්බර කතාව - ඔබත් සැලකිලිමත්වන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාළු ටැංකියක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ දරුවෙකුගේ දුක්බර කතාව - ඔබත් සැලකිලිමත්වන්න

ම නැඟණිය සමඟ සෙල්ලම් කරමින් සිටි 13 හැවිරිදි ජනිදු අවිශ්ක එකවර සාලයේ මැද ඇදවැටී මිය ගිය පුවතක් ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

13 හැවිරිදි ජනිදු අවිශ්ක සුපුරුදු පරිදි තම නැඟනිය සමග සාලයේ සෙල්ලම් කරමින් සිට ඇත්තේ සාලයේ ඇති මාළු ටැංකිය අසලයි.

ජනිදුගේ මව කියා සිටියේ මෙවන් කතාවක්.

''මම කිව්වා ජනිදු නංගි එවන්න හෝදන්න කියලා. එයා ඇවිල්ලා හෝදගෙන ගෙට ආවා. ඒ එනකොට තමයි කිව්වේ අයියා නිදි කියලා. නිදි කිව්වම මං හිතුවෙ ඇඳේ නිදි කියලා. පංතියන්න පරක්කු වෙනවා අයියට එන්න කියන්න කිව්වා. ඇවිල්ලා කිව්වා අයියගේ කටේ කෙළ මෙහෙම තියෙනවා කියලා. ඊට පස්සේ මම දුවලා ආවා''

සාලයට දිව ආ මවට දැක ගත හැකි වූයේ ජනිදු සාලයේ මාළු ටැංකිය අසල වැටී සිටින අයුරුයි.

පසුව දරුවා ඉංගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

නමුත් ඒ වන විටත් ජනිදු මෙලොව හැර ගොසින්. ජනිදු අවිශ්කගේ දේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූයේ සාලයේ තිබූ මාළු ටැංකියෙන් විදුලිය කාන්දු වී මෙම මරණය සිදුව ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu