gossiplanka alexa සීලින් විදුලි පංකාවලට නව නීති පැනවේ, තරු ලකුණු බලා මිලදී ගන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සීලින් විදුලි පංකාවලට නව නීති පැනවේ, තරු ලකුණු බලා මිලදී ගන්න

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සීලින් විදුලිපංකා විකිණීම, බෙදාහැරීම සහ ආනයනය කිරීමට අදාළව ඊයේ (15දා) සිට නව නීති ක්‍රියාත්මක කළා. ඒ අනුව සෑම සීලින් විදුලිපංකාවක් සඳහාම නව බලශක්ති ලේබල් ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. සියළුම සීලින් විදුලිපංකා නිෂ්පාදකයන් සහ අලෙවි කරන්නන් ඊට අනුගත විය යුතු බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංක රුද්‍රිගු පවසනවා.

ISO 1600/2011 ප්‍රමිතිය යටතේ විදුලිපංකා සඳහා තරු සහිත ලේබලයක් හඳුන්වා දෙන බවත් විදුලි පංකාවල බලශක්ති කාර්යක්ෂමතාව අනුව ඒවා සඳහා තරු ලකුණු නිකුත් කරන බවත් ඔහු පවසනවා. ඒ අනුව සීලින්  විදුලිපංකා ආනයනය කිරීමේදී තරු ලේබලය රහිත විදුලිපංකා අද (16දා) සිට රේගුවෙන් නිදහස් නොකරෙනු ඇති. 

තවද තරු ලේබලය රහිත සීලින් විදුලිපංකා ගබඩා කිරීම, ප්‍රදර්ශනය, තොග හෝ සිල්ලර වශයෙන් විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ බෙදා හැරීම ඊයේ (15දා) සිට තහනම් වනවා. ප්‍රමිති ආයතනය නිකුත් කරන ප්‍රමිති සහතිකය අනුව තරු එකක් හෝ හිමි නම් පමණක් අදාළ ලේබලය හිමි වන බවත් විදුලි කාර්යක්ෂමතාව ඉහළ යෑමේදී තරු සංඛ්‍යාව 5ක් වන උපරිමයකට යටත්ව ලේබල් නිකුත් කරන බවත්  අධ්‍යක්ෂකවරයා පවසනවා. 

ශ්‍රී  ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායක අනුව එම ලේබල් ප්‍රමිතිගත කර ඇති අතර ඒවා නියමිත වර්ණයෙන් හා ප්‍රමාණයෙන් යුතු වන බවත් ඔහු පවසනවා.

අදාළ ලේබල් සහිත විදුලිපංකා හඳුනාගැනීම පිළිබඳ ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන් දැනුවත් කරන බවත් මෙවැනි කාර්යක්‍ෂම බවින් යුතු විදුලි උපකරණ භාවිතයෙන් විදුලි බිල අඩු කරගත හැකි බවත් ඔහු වැඩි දුරටත් කියා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu