gossiplanka alexa පොහොට්‍ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභයට මහා සංඝරත්නයෙන් කරුණු දෙකක් මතක් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොහොට්‍ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභයට මහා සංඝරත්නයෙන් කරුණු දෙකක් මතක් කරයි

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ සහ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට ආශිර්වාද පැතීම වෙනුවෙන් ඊයේ (12) පස්වරුවේ රුවන්වැලි මහා සෑ මළුවේ පැවැත්වූ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වුණා. රුවන්වැලි මහා සෑ මළුවේ පැවැත්වූ මෙම ආශිර්වාද පූජාවට භික්‍ෂූන් වහන්සේ 1,500 කට අධික පිරිසක් වැඩම කර සිටියා.

එහි දී මහ සංඝරත්නය අනුශාසනා කර සිටියේ පෞද්ගලික අභිමතාර්ථ පසෙකලා මාතෘ භූමිය පෙරටු කරගත් නායකත්වයක් රටට අවශ්‍ය බවයි.  අනාගත නායකත්වය අපේක්‍ෂා කරන ගෝඨාභය රාජපක්‍ෂ මාතෘ භූමිය රැක ගැනීමට ප‍්‍රමුඛතාව දිය යුතුව ඇති බවයි මහා සංඝරත්නය පෙන්වා දුන්නේ. 

එහිදී ප‍්‍රධාන අනුශාසනාව පැවැත්වූයේ පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් විසින්.

"ඔබතුමාට වගකීම් දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ තුමාගෙන් වගකීම ඉෂ්ඨ සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙන මහා සංඝරත්නයේත් රට වැසියන්ගේත් ඒ බලාපොරොත්තු ඉටු කරන එක. ඒ වගේම පෞද්ගලික අපේක්ෂාවන්වලට වඩා පළමුවත් දෙවනුවත් තෙවනුවත් වටින්නේ රට කියන කාරණය කිසිඳු අවස්ථාවක මනසින් බැහැර නොකොට කටයුතු කළ යුතුයි කියලා සිහිපත් කරනවා." යනුවෙන් උන්වහන්සේ සඳහන් කළා. 

ආශිර්වාද පූජාව මෙහෙය වූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ද මෙහිදී අනුශාසනාවක් සිදුකළා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu