gossiplanka alexa ඇමසන් ගිනි ගනියි.ලොව දැවැන්තම පරිසර විනාශය අත ළග!

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇමසන් ගිනි ගනියි.ලොව දැවැන්තම පරිසර විනාශය අත ළග!

කුණු අමෙරිකානු මහාද්වීපය පුරා පැතිර සිටින අප කවුරුත් දන්නා ඇමසන් මහා වනාන්තරය මේ වන විට ගිනිගෙන විනාශවෙමින් පවතියි. ලෝක පුවත් සේවා වාර්ථා අනුව පසුගිය අගහරුවාදායින් පසු සීඝ්‍ර වූ විනාශය මේ වනවිට සමස්ථ ඇමසන් ජෛව පද්ධතියම සදහට ලොවෙන් තුරන් කරමින් සිටියි. ආසන්න වසර දෙක තුනක සිට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ම වරින් වර ඇමසන් වනාන්තරය ගිනි ගැනීම්වලට ලක්ව තිබේ. එහි උච්ඡස්ථානයකට මෙම විනාශය එමින් පවතින්නේ පසුගිය සති කිහිපයේ සිට ය.

ඔබ මෙම සටහන කියවන මොහොතේ දත්ත වාර්ථා අනුව ගතවන එක් මිනිත්තුවකට පාපන්දු පිටි එකහමාරක වපසරියක් සම්පූර්ණයෙන් ගින්නෙන් වැනසී යමින් තිබේ. ඒ අනුව දළ වශයෙන් පැයක් ඇතුලත මෙම ගින්නෙන් වර්ග කිලෝ මීටර 640-650 ත් අතර ප්‍රමාණයක් ලොවට අහිමි වෙමින් පවතියි. මෙම අගයයන් හෙට සහ අනිද්දා වනවිට තව වර්ධනය වන බව ලෝක වාර්ථා දක්වා සිටියි.

එහි අවාසන්නාවන්ත පරිච්ඡේදය වන්නේ මෙම ගිනිගැනීම් සම්පූර්ණයෙන් මිනිස් ක්‍රියාකාරකම් මත සිදුව ඇති බව පරිසරවේදීන් හෙළි කරගැනීමයි.

ජනපතිට විවේචන:

2019 එනම් මෙම වසරේ ජනවාරි පළමුවැනිදා සිට බ්‍රසීලයේ ජනාධිපති තනතුරට පත් "ජායර් බොල්සොනාරෝ" විසින් ගෙනගිය ඇමසන් වනාන්තරය එරට ආර්ථික ක්‍රමවේදයට සම්බන්ධ කරගැනීමේ ව්‍යාපෘතිය මෙම විනාශය දශක ගණනාවකින් ඉක්මන් කරවීමට හේතු වූ බව පරිසර වාර්ථා දක්වයි. ඇමසන් වනාන්තරයෙන් තුනෙන් දෙකක් අයත් වන්නේ බ්‍රසීලයට ය. ඇමසන් වනාන්තරය සහ එහි වන විනාශය පිළිබදව කටයුතු කරන ජාතික පර්‍යේෂණායතනය වන Iණ්ඵ්E ය මේවන විට ඊට අදාල දත්ත මාධ්‍ය වෙත හෙළි කොට තිබේ. ඒ අනුව ඇමසන් වනාන්තර තීරු අසළ දැවැන්ත ගොවිබිම් ඇති කිරීමටත්, ගොඩනැගිලි සදහාත් වනාන්තර එළි පෙහෙළි කිරීමට නව ජනපතිවරයා අවසර ලබා දී ඇත. හිටපු ඉහළ හමුදා නිළධාරියෙකුද වන ජනාධිපති බොල්සොනාරෝ විසින් ඇමේසන් වනාන්තරය ඇතුළත ද විවිධ සංවර්ධන ව්‍යාපෘති සහ පෞද්ගලික ව්‍යාපාර සදහා කැළෑ එළි කිරීම් සිදු කරවා ඇත.(පහත ඡායාරූප බලන්න.)

මෙම පැතිරෙන ගින්න එම කැළෑ කැපූ සහ ගිනිබත් කළ ප්‍රදේශ අසලදී සීඝ්‍රයෙන් ඇවිළ යමින් පවතියි.

එරට හිටපු පරිසර ඇමතිවරුන් අටදෙනෙකු විසින් පසුගිය ජූලි මාසයේ මෙම වැඩපිළිවෙලට එරෙහිව මාධ්‍ය හමුවක් ද කැදවා තිබේ. එවිට මෙම ගිනිගැනීම් දැන් පවතින මට්ටමට එමින් තිබී ඇති අතර මෙම ජනාධිපතිවරයාට එල්ලවන චෝදනා පාරිසරික සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නම් අතිශය දැඩි ය.බොල්සොනාරෝ එරට ප්‍රමුඛ පෙළ කෘෂි ව්‍යාපාරවල කොටස්කරුවෙකි. 2012 වර්ෂයේදී අනවසර ධීවර ක්‍රියා හේතුවෙන් එරට පරිසර පනත යටතේ වින්දිතයෙකු වී වන්දි ගෙවීමටද ඔහුට සිදු වී ඇත. බොල්සොනාරෝ සිය ජනාධිපතිවරණ සටන මෙහෙයවද්දී යොදාගෙන තිබූ ප්‍රමුඛ සටන් පාඨයක් වන්නේ බ්‍රසීලයේ ආර්ථික වර්ධනයට දායක නොකරගන්නා සෙන්ටිමීටරයක හෝ බිම්කඩක් නොතිබිය යුතු බවයි. පසුගිය සමය තුළ දිගින් දිගටම බ්‍රසීලය සිය පරිසර ප්‍රතිපත්තීන් ලිහිල් කර ඇති අතර ඇමසන් ගංගා දෙපස මාර්ග ව්‍යාපෘතිද ඇති කර තිබූ බැව් සදහන් ය.

විනාශයේ තරම:

පසුගිය 2018 වසර තුළ පාරිසරික ප්‍රතිපත්ති තිබියදීත් මහා පරිමාණ ගොවිබිම් සදහා කැළෑ එළිකිරීම් සහ නියගයන්ගෙන් දැවැන්ත ලෙස ඇමසන් වනාන්තර ගිනි ඇති වී තිබේ. නමුත් 2019 වසරේදී එය 88% කින් වැඩි වී ඇත. වාර්ථා වූ ගිනි ගැනීම් ප්‍රමාණය පමණක් 72843 කි. ඇමසන් වනාන්තර ප්‍රදේශයේ සිට කිලෝ මීටර 2735 ක ( 2735 ක්ම්) දුරින් පිහිටි සාවෝ පාලෝ නගරයේ ඉහළ අහස ඊයේ දින සිට කලු දුමින් වැසී පවතියි. ඇමසන් අග්නි ජාලා එතරම් දුරකට දුම් දමමින් පැතිර යන්නේ ඇමසන් වනාන්තරයට ම ආවේණික දහස් ගණනක් වූ ජෛව පද්ධති සමූල ඝාතනය කරමිනි. ඒ අතර කෘමි විශේෂ, උරග විශේෂ, පක්ෂීන්, ලයිකන, ශාඛ වර්ග ලක්ෂ සංඛ්‍යාවකි. ඒ අතර තවම පරිසරවේදීන් විසින් හදුනා නොගත් සත්ත්ව සහ ශාඛ විශාල ප්‍රමාණයක් හදුනාගැනීමටත් පෙර ලෝකයෙන් දැනටත් සමුගෙන තිබිය හැක. ලෝකයේ ඔක්සිජන් සැපයුමෙන් 20% ක් තනිව ලබාදෙන එකම පරිසර පද්ධතිය වන්නේ ද ඇමසන් වනාන්තරය යි.

මේ අතර හදිසියේම හිටපු Iණ්ඵ්E සභාපතිවරයා සහ ප්‍රධාන පරිසර විද්‍යාග්නයින් කිහිප දෙනෙකුම ජනපති බොල්සොනාරෝ විසින් සිය ධූර වලින් පහ කොට තිබේ. ඇමසන් වන විනාශය පිළිබදව සංවර්ධන ව්‍යාපෘති විවේචනය කිරීමත්, චන්ද්‍රිකා ඡායාරූප ආදිය මාධ්‍යයට විවෘත කිරීමත් ඊට හේතු වී ඇත.

 Nuwan Ishara Mahagamage 












ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu