gossiplanka alexa සජිත් අගමැති වුවහොත් පාර්ලිමේන්තුවේ පෙරළියක්, විශ්වාසභංගයකින් ආණ්ඩුව පෙරළීමට සූදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් අගමැති වුවහොත් පාර්ලිමේන්තුවේ පෙරළියක්, විශ්වාසභංගයකින් ආණ්ඩුව පෙරළීමට සූදානමක්

ක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධූරය පිරිනැමීමට කටයුතු සූදානම් වෙමින් පවතින බව පසුගිය දිනක සිට නොයෙක් ආරංචි මාර්ග පවසනවා. 

යම් හෙයකින් එසේ සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධූරය හිමි වුවහොත් ඔහුගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ පවතින නව ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දී විශ්වාස භංගයක් හරහා බහුතරයෙන් පරාජයට පත් කිරීමට සැලසුම් සකස් වෙමින් තිබෙන බව වාර්තා වනවා.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් දැනටමත් දෙමළ ජාතික සන්ධානය සහ තවත් සුළු ජාතික දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා. සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තු ආණ්ඩුවක් පවත්වාගෙන යාමට බහුතරයක් නොමැති බවටයි ඔවුන් තක්සේරු කරන්නේ. 

සන්ධාන හා ජවිපෙ මන්ත්‍රීවරුන් 102 සිටියද ඔවුගෙන් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙනු ඇත්තේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 5-6 දෙනෙක් පමණක් බැවින් පාර්ලිමේන්තුවේ සරල බහුතරය කිසිසේත්ම සම්පූර්ණ කරගත නොහැකි බවයි ඔවුන් පවසන්නේ. 

යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතා අගමැති වුවහොත් ඊට විරුද්ධව කථානායක කරු ජයසූරිය මහතා හරහා පාර්ලිමේන්තු සටනද සූදානම් වනු ඇති බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටින්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu