gossiplanka alexa මෛත්‍රී - මහින්ද එකතුවෙයි, එජාපයේ යෝජනාව ඉවතට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෛත්‍රී - මහින්ද එකතුවෙයි, එජාපයේ යෝජනාව ඉවතට

පෙරේදා රාත්‍රියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේ දී පැවැත් වුණු බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ එක්ව පිහිටුවන සන්ධානය, විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් එජාපයෙන් ඉදිරිපත් කර ඇති විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ මේ මොහොතේ විධායක ජනාධිපති ධූරය අහෝසි නොකිරීමට දෙදෙනාම එකඟතාවයකට පැමිණ ඇති බවයි.

ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් මාස කීපයක් පමණක් ඇති නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම මේ මොහොතේ සුදුසු නොවන බවට ඔවුන් දෙදෙනාගේම මතය වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu