gossiplanka alexa "එයාල ඉල්ලපු හැමදේම දුන්න ඒත්. වතුර දෙන්න බැරි වුණා" - උපන්දිනය වෙනුවෙන් දරුවන් දෙදෙනෙකුගේ හිත සතු‍ටු කළ තරුණයෙක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"එයාල ඉල්ලපු හැමදේම දුන්න ඒත්. වතුර දෙන්න බැරි වුණා" - උපන්දිනය වෙනුවෙන් දරුවන් දෙදෙනෙකුගේ හිත සතු‍ටු කළ තරුණයෙක්

සුගිය දිනක එක්තරා සමේ රෝගයකින් පීඩා විදින දරුවන් දෙදෙනෙක් සමාජ මාධ්‍ය හරහා ඉල්ලා සිටියා තමන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්න කියලා. මෙ දරුවන් දෙදෙනාව පෙන්නලා ඇතැම් උදවිය මුදල් එකතු කරලා තිබුණත් ඒ දරුවන්ට කිසිම උපකාරයක් කර නැහැ. නමුත් මේ දරුවන් දෙදෙනාව දු‍ටු තරුණයෙක් ඔහුගේ යහළුවන් සමඟ එක්ව ඒ දරුවන්ට උදව් කිරීමට ඉදිරිපත්වෙලා ඔවුන්ට අවශ්‍ය සෑම දේම ලබා දීලා තියනවා. මේ තියෙන්නේ ඔහුගේ වචනවලින් කිවුව ඒ කතාව.


Video : https://www.facebook.com/watch/?v=430313364220908

My Birthday Celebration with them❤️

එයාල ඉල්ලපු හැමදේම දුන්න ඒත්. වතුර දෙන්න බැරි වුණා.

මීට සති 4කට කලින් මන් මෙයාල ගැන කියල දාපු විඩියෝ එක බලල ගොඩක් දෙනෙක් මට කතා කලා.විශේෂයෙන්ම රටින් පිට ඉන්න ශ්‍රී ලාංකිකයො එහෙම.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට එයාලා ඉල්ලපු ඇඳුම් පැළඳුම් , මාස 7,8 කට කෑම බීම , Fridge එකක් විතරක් නෙමෙයි ,එයාලගේ හමට අවශ්‍ය ඒ මිල අධික ක්‍රීම් වර්ගයෙනුත් (එකක් රු 12,500/-) බෝතල් සෑහෙන්න ප්‍රමාණයක් අරන් තමයි මමයි මගෙ යාලුවොයි එහෙට ගියෙ.

ඒ යද්දි අපි ලෑස්තිවෙලා ගියෙ එයාලා අපේ මුලින්ම ඉල්ලපු දේ වුන "වතුර" ත් එයාලට ලබා දෙන්න.ඒකට අවශ්‍ය නල ලිඳක් හදන්න ගොඩක් දෙනෙක් ඉදිරිපත් වෙලා තිබුනත් අවසානයේ එහෙම එකතු කරගත්ත කීපදෙනෙක් ගෙ උදව්වෙන් ඒකට අවශ්‍ය සියලු කටයුතු අපි ලෑස්ති කරල තිබුනෙ.

නළලිං කිව්වම අපිට එක පාරටම ඔළුවට එන්නේ අතින් උඩට පල්ලෙහාට කරන ලීවරයක් එක්ක එන නල ලඳක්.ඒත් මේක එහෙම නිකන් එකක් නෙමේ.මේකෙදි පොලව මට්ටමෙන් අඩි 100ක් විතර පල්ලෙහයින් තියෙන ගල් ස්ථරයෙන් එහා තියෙන වතුර තමා මෝටරයක් හරහා උඩට ගන්නෙ.ඉතින් ඕකට ලොකු වියදමක් යනව. ඒක ගැන කිව්වම කට්ටිය බොරු කතා රු 50,000ක් යයි කිව්ව අයත් ඉන්නව.ඒත් මේකට එන මෝටරයම රු 50,000ක්.කොහොමහරි අඩි 100ක නලලිඳකට ගණන විදිහට අපිට Estimate එක ලැබුනෙ රු 175,000ක්. ඒ මුදල අදාල ආයතනයට ගෙවන්න කීපදෙනෙක් පොරොන්දු වෙලා හිටිය නිසාම මන් උඩට ගන්න වතුර එකතුකරන්න ටැංකියකුත්,ඒකට අවශ්‍ය අනිත් සියල්ලත් අරගත්තෙ මේ ලිඳෙන් ඒ ගමේම මිනිස්සුන්ට වැඩක් ගන්න පුලුවන් නිසා.

අපි එහෙට යනකොටත් නලළිදේ වැඩ පටන් අරන්.අඩි 35, 50, 75 වෙද්දිත් වතුර එයි එයි කියල අපි හිතුවට රෑ 8 වෙද්දි අඩි 100ක් හාරලත් වතුර ආවෙ නෑ.අපි ඒ වෙද්දි නලලිදේ මැශින් එකෙන් ගල් හිල් කරනකොට එන ගල්කුඩු නාගෙන හිටියෙ.කන්න දෙයක් ගන්න තැනකුත් නෑ.අපේ වතුරත් ඒ වෙද්දි ඉවරයි.ඒ ගෙදර වතුර අපිට බොන්න තරම් හොඳ මට්ටමක තිබුනෙත් නෑ.

අඩි 100න් පස්සෙ අඩියකට වියදම රු 1000යි. වතුර ලැබුනත් නැතත් මේ ගනන් අපි ඒ අයට ගෙවන්න ඕනෙ.

රෑ 1ට විතර අඩි 120ට වගේ ආවම මැශින් එකට ඕනෙවෙන ඩීසල් ඉවරවෙලා කට්ට කරුවලේ ආයි මහියංගනේට ගියෙ තෙල් ගේන්න.එද්දි මගෙ වාහනේ ගන්න දෙයක් නෑ. Number Plate එකත් නෑ.හැමතැනම හීරිල යට වැදිල ගන්න දෙයක් නෑ.

ඒත් අපි ආයි අඩි 160ක් වෙන්කන් බැලුව.ඒත් වතුර නෑ.මගෙ යාලුවන්ට වගේම මටත් ඇඟට පණ මදි නිසා අපි උදේ 4ටා ආයි කොළඹ ආව.

තව පල්ලෙහට කපන්න කපන්න සල්ලි ගියාට වතුර ලැබෙයිද කියල දන්නෙ නෑ.අපිට නිදාගන්න වුනෙත් එතන කැලේමයි.ඒ නිසා ආවට අදත් අඩි 280ක් (දැනට පුලුවන් උපරිමය) වෙනකන් Try කරන්න ඒ ආයතනයෙ කොල්ලො ටික කැමතිවුණා. හැබැයි මන් දන්නෙ නෑ එහෙම කරල වතුර ආවත් අර රු 50,000 මෝටරෙන් අපිට මේ වැඩේ කරන්න පුලුවන්ද කියල.

කොහොමහරි කට්ට කාගෙන කන්න බොන්න නාගන්න නැතුව මාත් එක්ක මේ වැඩේට ආව Melan Wettasinghe Pasan Freez Rukshan Maduranga බොහොම ස්තුතියි.ආයි මේ වගෙ කටුවලට අත ගහන්නෙ නෑ.පොරොන්දු වෙනව උඹලට

එයාලට වතුර හම්බුණා. අන්තිමේදි හැමදේම හරි ❤️

Sajeewa Dissanayake 












ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu