gossiplanka alexa CIA ඔත්තුකරුවන් අල්ලා ගැනීමට ඉරානයට විදෙස් උපකාර, මරණ දඬුවම පැනවීමත් සමඟ ඇමරිකා ඉරාන ගැ‍ටුම් උග්‍ර අතට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

CIA ඔත්තුකරුවන් අල්ලා ගැනීමට ඉරානයට විදෙස් උපකාර, මරණ දඬුවම පැනවීමත් සමඟ ඇමරිකා ඉරාන ගැ‍ටුම් උග්‍ර අතට

න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් මුල් කර ගනිමින් අමෙරිකාව සහ ඉරානය අතර 2018 වර්ෂයේ සිට අර්බුධකාරී වාතාවරණයක් හටගෙන තිබීම ලෝකයේම අවධානය යොමු වී ඇති කරුණක්. එම ගැ‍ටුම මේ වන විට උච්ජතම අවස්ථාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 

මේ තත්ත්වය තවත් උග්‍ර අතට හැරෙමින් ඉරානය අමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය හෙවත් CIA සංවිධානයට සම්බන්ධ බුද්ධි අංශ ක්‍රියාකාරීන් 17 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ඉරානයේ බුද්ධි අංශ ඒකකය මඟින්. 


එලෙස අත්අඩංගුවට ගනු ලැබූ ඇතැම් පුද්ගලයින්ට මරණ දඬුවම පැනවීමට තීරණය කර ඇති බවයි ටෙහෙරාන් හි සිට ලැබෙන වාර්තා වලින් දැක්වෙන්නේ.

ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටියේ CIA  ඔත්තු ජාලයක් සාර්ථකව මැඩ පැවැත්වීමට තම බුද්ධි අංශයට හැකිවූ බවත් එලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිසගේ අනන්‍යතාවය හෙළි නොකරන බවත් ය. 

"හිතා මතාම රට පාවා දීමට කටයුතු කරනු ලැබූ සියළු දෙනා නිතිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඔවුන්ගෙන් ඇතැමෙක්ට මරණ දඬුවම හිමිවී තිබෙනවා අනිත් අය ජිවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. CIA  ඔත්තු ජාලය මැඩ පැවැත්වීමට විදේශ බුද්ධි අංශයන් ගෙන් ද සහයෝගය හිමිවූණා" යැයි එම මාධ්‍ය හමුවේදී ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටියා. නමුත් එසේ  සහයෝගය හිමිවූයේ කුමන රටකින්ද යන්න පිලිබඳව හෙළි කිරීමක් සිදුකරනු ලැබුවේ නැහැ.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා වූ කාල සීමාව තුලදී සිදුකරනු ලැබූ වැටලීම් වලදී CIA  සංවිධානයට සම්බන්ධ ඔත්තු ජාලයේ සාමාජිකයින් 17 දෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි වැඩිදුරටත් කරුණු අනාවරණය කෙරුනේ.

මේ අතර ඉරානය විසින් බ්‍රිතාන්‍යයට අයත් ධජය රැගත් තෙල් ප්‍රවාහන නෞකාවක් රඳවා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. මෙම සිදුවීමත් සමග යුරෝපා රාජ්‍යයන් රැසක්ම ඉරානයේ මෙම ක්‍රියාව දැඩිව හෙළා දැක ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu