gossiplanka alexa ක‍ටුනායක ගොඩ ගසා ඇති එංගලන්තයේ අපද්‍රව්‍ය වැස්සට සේදී කාණු ජලයට එකතුවීමේ අවධානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක‍ටුනායක ගොඩ ගසා ඇති එංගලන්තයේ අපද්‍රව්‍ය වැස්සට සේදී කාණු ජලයට එකතුවීමේ අවධානමක්

013/07/30අංක 1818/30 ගැසට් පත්‍රයට ආවරණය වෙමින් එංගලන්තයේ සිට මෙරටට අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 27685ක තොගයක් ගෙනැවිත් තිබෙන බව ඉකුත් සතියේ රේගුව විසින් අනාවරණය කර සිටියා. මෙසේ  අපනයනය කළ අපද්‍රව්‍ය තොගය කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ආයතන භූමියක ගොඩ ගසා තිබෙනවා. 

මෙසේ ගොඩ ගසා ඇති සෞඛ්‍ය ආරක්ෂක අපද්‍රව්‍ය (health care waste), සායනික ආපදාව (clinical care waste) හොර රහසේ මුතුරාජවෙල වෙල අභය භූමිය වෙත මුදා හැරීමේ අවදානමක් තිබෙන බව පරිසර ගවේෂක, ප්‍රවීණ පුවත්පත් කතුවර තිලක් සේනාසිංහ අවධාරණය කර සිටිනවා.

මෙම දාව්‍ය ගෙන ඒම රේගු ආඥාපනතට, විනිමය ආඤපනතට,,ආනයන අපනයන පනතට මෙන්ම ස්විස්ටර්ලන්තයේ දී 1989 ශ්‍රීලංකාව අත්සන් තැබූ  බාසල් (basel) සම්මුතිය ට පටහැනි බව යි තිලක් සේනාසිංහ මහතා අවධාරණය කර සිටින්නේ. 

මෙලෙස නීති විරෝධීව ගෙනැවිත් ඇති අපදේව්‍ය අතර එංගලන්තයේ රෝහල් වල හා සාත්තු නිවාසවල අපද්‍රව්‍ය යැයි සැක කල හැකි ගෝස්,මෙට්ට, රුධිරය තැවරුණු පුළුන්, එන්නත් කටු ආදිය තිබීම තත්වය වඩාත් බරපතල කරන්නක් බවද සේනාසිංහ මහතා පවසනවා. මේවන විටද කටුනායක නිදහස් වෙළෙඳ කලාප ආයතන භූමියක ගොඩ ගසා ඇති  අපද්‍රව්‍ය වැස්ස ට නිරාවරණය වීම නිසා එයින් ගලා එන ආසාදිත අප ජලය කාණු ඔස්සේ මීගමුව කලපුව ට පැමිණිමට ඉඩ තිබෙන බවද ඔහු කියා සිටියා. 

උක්ත අපද්‍රව්‍ය තොග මුතුරාජවෙල අභය භූමිය වෙත  බැහැර කරනු ලැබුවහොත් එය අතිශය බිහිසුණු කටයුත්තක් විය හැකි බවත් දෙදිය හුවමාරු ව (වඩදිය බාදිය) ඉතා සක්‍රීය ව පවතින මුතුරාජවෙල අභය භූමියේ සිට මෙම අපද්‍රව්‍ය ආසන්න සාගර කලාපය ට බල පෑම් ඇති කර ප්‍රදේශයේ ජල හා සමුද්‍ර දූෂණය අනිවාර්යයෙන්ම වන බවත් තිලක් සේනසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කල්කා. එසේම මෙම අපද්‍රව්‍ය තොගය මෙරට ඉහළ ම ධන කූවේරයකු විසින් ගෙන එන්නට ඇතැයි ද වාර්තා වනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu