gossiplanka alexa සෙල්‍ෆි ගන්න ප්‍රවේසමෙන් - මුහුදට බිලි වූ තරුණ ජීවිතවලට නැවත පණ දිය හැකි නොවේ.

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෙල්‍ෆි ගන්න ප්‍රවේසමෙන් - මුහුදට බිලි වූ තරුණ ජීවිතවලට නැවත පණ දිය හැකි නොවේ.

නිවාඩු දවස්වලට විනෝද චාරිකා යමින් සතු‍ටුවෙන එක අපි කාටත් පොදු දෙයක්. විනෝද චාරිකාවලදි බහුලවම කෙරෙන දෙයක් තමයි සෙල්‍ෆි ගැනීම. තැනක් නොතැනක් නැතුව සෙල්‍ෆි ගන්න උන්මාදයක් බොහෝ තරුණයින්ට තියෙනවා. මේ නිසාම බොහෝ තරුණ ජීවිත ආකාලයේ මියැදෙනවා. 

ඒ අවධානම් ස්ථානවල සෙල්‍ෆි ගන්න යාමෙන්. උණවටුන, රූමස්සල ප්‍රදේශයේ වෙරළ තීරයේ ද සිද්ධ වුණේ මේ වගේ ඛේදනීය අනතුරක්.

උණවටුන, රූමස්සල ප්‍රදේශයේ වෙරළ තීරයේ ගල් පර්වතයක් මතට වී සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටි තරුණයින් සිව්දෙනෙක් මුහුදට වැටීමෙන් එම පිරිසෙන් තරුණයින් දෙදෙනෙක් අතුරුදහන් වුණා. අතුරුදහන්වූ තරුණයින් දෙදෙනා සොයා හබරාදුව පොලිසියේ නිලධාරීන් සහ නාවික හමුදාව එක්ව මෙහෙයුමක් දියත් කලත් තවමත් තරුණයින් දෙදෙනාව සොයා ගැනීමට හැකි වී නැහැ. 

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ වයස අවුරුදු 20 සහ 21 වියේ පසුවන තෙලිකඩ පොලිස් වසමේ ගිනිමල්ලගහ ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක්.

අවධානම් ස්ථානවල සෙල්‍ෆි ගැනීමට යාමේ දී බොහෝ සෙයින් ප්‍රවේසම් වීම වැදගත්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu