gossiplanka alexa නිවසේ සාමාජිකයින් ලෙස ජීවත් වන නයි පවුල, අම්මයි තාත්තයි ළමයි දෙන්නා බලාගන්න භාරදීලා යන්නෙත් නයින්ට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිවසේ සාමාජිකයින් ලෙස ජීවත් වන නයි පවුල, අම්මයි තාත්තයි ළමයි දෙන්නා බලාගන්න භාරදීලා යන්නෙත් නයින්ට

ල්ලන්, බළලුන් තමයි බොහෝ විට නිවෙස්වල සුරතල් සතුන්ගේ භූමිකාව අරගෙන යන්නේ. මාළු,හාවො වගෙ සත්තු ද සුරතුලුන් ලෙස නිවෙස්වල සිටිනවා අපි දැකලා තියෙනවා. මේ සිදියට හැම ගෙදරකම පාහේ සුරතලයට ඇති කරන්නේ විෂ නැති සතුන්. නමුත් මේ කියන කතාව වෙනස් කතාවක්. 

සුරතලයට ඇති කරන සතුන් ලෙස නොව නිවසේ ජීවත්වන සාමාජිකයින් ලෙස නිවස තුළ ඇති හුඹසක ඉන්න නයෙක් සහ හැපින්නක් ගැන තමයි මේ කතාව. 

"වසර විසි හතක් පුරාවට නාගයින් සමග ජීවත්වෙන දරු පවුලක් ගාල්ල, මැදකීඹිය, මාපලබැද්ද ගම්මානයේ වෙසෙති.

මෙම දරු පවුල වසර සීයක් තරම් පැරණි වදුරැස්සා ගලින් නිර්මාණය කරන ලද නිවසක මෑතක් වන තුරුම දිවි ගෙවා ඇත. ටික කලක් පාළුවට ගොස් තිබූ එම නිවසට රංජිත් ජයලත් (51) මහතාත්, ජානකී උයන්වත්ත (50) මහත්මියත් පැමිණ ඇත්තේ ඔවුන් දෙදෙනා යුග දිවියට එළැඹීමෙන් පසු මීට වසර තිහකට පමණ පෙර ය.

ඒ වන විට පාළුවට ගොස් තිබූ ඒ නිවසේ ගේ මැද සාලයේ වේයන් විසින් කුඩාවට තුඹසක් බැඳ තිබී ඇත. එම තුඹස කඩා ඉවත් කිරීමට ඔවුන් දෙපළ මේ දක්වාම කටයුතු කර නොමැත. මේ වන විට එම තුඹස අඩි අටක් තරම් උසට නිර්මාණය වී පවතින අතර එය අඩි පහක් තරම් පළලින් යුක්තය. අදටත් ඒ තුළ වේයෝ දිවි ගෙවති.

මෙම නිවසට මීට වසර 27කට පමණ පෙර නාගයකු සහ සැපින්නක පදිංචියට පැමිණ ඇත. එම නාගයා සහ සැපින්න අදටත් එම තුඹස තුළ ජීවත්වන බව රංජිත් ජයලත් මහතා අප සමග පැවසීය. තමන්ගෙන් එම සතුන්ටත්, එම සතුන්ගෙන් තමන්ටත් වසර 27ක් පුරාවටම කිසිදු කරදරයක් හෝ හිරිහැරයක් නොවූ බව පවසන ඒ මහතා ඒ නිසා එම සතුන් තවදුරටත් නිවස තුළ ජීවත්වීම තමන්ට ප්‍රශ්නයක් නොවන බවද ඔහු කීය.

මෙම නිවසේ මුල් අයිතිකරු වන්නේ රංජිත් ජයලත් මහතාගේ සීයා වූ (මවගේ පියා) දිවංගත සාදිරිස් උයන්වත්ත මහතාය. ඒ මහතා මිය යාමෙන් පසු නාග ආත්මයක් ලබා මෙම නිවස තුළ ඇති තුඹස තුළ දිවි ගෙවන බව රංජිත් මහතා මෙන්ම ජානකී මහත්මිය ද දැඩි සේ විශ්වාස කරති. මෙම තුඹසේ වෙසෙන නාගයා සහ සැපින්න අඩි පහමාරක් පමණ දිගින් යුක්ත වන බවත්, වැඩුණු කෙනකුගේ අත්ගොබයක් තරම් මහතින් යුක්ත වන බවත් ඇය පැවසුවාය. මෙම නාගයා කළු පැහැයෙන් ද සැපින්න සුදු පැහැයෙන් ද යුක්ත වන බව ද ඇය පැවසුවාය.

මෙම යුවළට දියණියක සහ පුතකු සිටින අතර විසිතුන් හැවිරිදි එම දියණිය සහ විසි හැවිරිදි පුතා උපත ලබන විටත් මේ කියන නාගය සහ සැපින්න මේ නිවස තුළ ඇති තුඹසේ දිවි ගෙවා ඇත. මේ නිසාදෝ උපන්දා සිට එම නිවසේ දිවි ගෙවන ඔවුන් දෙදෙනාට ද නිවසේ සාලය මැද තුඹසක් පිහිටා තිබීමත් ඒ තුළ නාගයකු සහ සැපින්නක ජීවත් වීමත් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. ගෙදර දරුවන් දෙදෙනා පමණක් සිටින අවස්ථාවල තමාට ගමනක් යෑමට අවශ්‍ය වූ විට තම දරුවන් දෙදෙනා හොඳින් බලාගන්නා ලෙස නාගයාට සහ සැපින්නට පවසා යන බවද ජානකී මහත්මිය පැවසුවාය. ඇයගේ දියණිය ආයුර්වේද වෛද්‍යවරියක ලෙස පුහුණුව ලබන අතර පුතා තාක්ෂණික විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ඇත.

බොහෝ විට මෙම නාගයා සහ සැපින්න රාත්‍රී කාලයේ නිවස තුළ පිහිටි තුඹසේ ගත කරන බව ද, දිවා කාලයේ වත්ත පිටියේ ඇවිදිමින් කල්ගත කරන බවද ඇය පැවසුවාය. නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවල නිවස සහ ඉඩම ආරක්ෂා කිරීමේ නිරත වන මෙම නාගයා සහ සැපින්න කිසිවෙකුටවත් ඉඩමට ඇතුළු වීමට ඉඩ නොදෙන බවද ඇය පැවසුවාය.

ජානකී මහත්මියත්, ඇයගේ පුරුෂයාත්, දරුවන් දෙදෙනාත් දිවංගත සාදිරිස් උයන්වත්ත මහතාගේ නැගණිය වන 78 හැවිරිදි දයාවතී උයන්වත්ත මහත්මියත් මෙම නිවසේ දිවි ගෙවති. ඔවුන් තමන් කලින් ජීවත් වූ වදුරැස්ස ගලින් නිමකර තිබූ නිවස වෙනුවට මෑතක දී නව නිවසක් ඉදි කරගෙන ඇත. එම නිවස ඉදිකර ඇත්තේද නාගයා සහ සැපින්න ජීවත්වන තුඹසට කිසිදු හානියක් නොවන ලෙස ගෙයි මැද සාලයේ එය තුඹස පිහිටන ලෙසය. එසේම එම තුඹස සහිත පැරණි ගෙයි කොටස ද කඩා ඉවත් නොකර පවතී.

තුඹස සහිත එම කොටසෙහි ඉදිරිපස ජානකී මහත්මිය දිනපතා බුදුන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව තබා, මල් පහන් ආදිය පූජා කර තම පවුලේ සැමට මෙන්ම තුඹසේ දිවි ගෙවන නාගයාට සහ සැපින්නටද යහපත ප්‍රාර්ථනා කරති. දිවංගත සාදිරිස් උයන්වත්ත මහතාගේ ඡායාරූපයක්ද එම ස්ථානයේ තබා එයටද ගෞරව දක්වති. දෙදහස වසරේ සිට ඇය සෑම වසරකම ගරුතර මහා සංඝරත්නයට දානය පිරිනමමින්ද, උපාසක දානය පිරිනැමීම ආදියෙන්ද නාගයාට සහ සැපින්නට පින් අනුමෝදන් කරති.

ජානකී මහත්මියට අවස්ථා දෙකකදී සැපින්න පෑගී ඇතත් එම අවස්ථා දෙකෙහි දීම සැපින්න ගෙන් ඇයට කරදරයක් වී නොමැත. මෙම සැපින්න තමන් රාත්‍රී නිදා සිටින විට අවස්ථා කීපයකදීම ඇයගේ කොට්ට අසලට වී සිටි බවද ඇය පැවසුවාය. 78 හැවිරිදි වියෙහි පසුවන දයාවතී උයන්වත්ත මහත්මිය රාත්‍රී නිදා ගත් අවස්ථා කීපයකදී ද මෙම සැපින්න තම ඇඳ මතට විත් නිදන්නට පුරුදුව සිටි බව ඇය අප සමග පැවසුවාය.

මෙම නාගයාට සහ සැපින්නට නිවැසියන් විසින් ආහාරය පිණිස කිසිවක් ලබා නොදෙන අතර, වත්ත පිටියේ ඇවිද ගොස් සොයා ගන්නා දෙයකින් කුසගිනි නිවා ගනිති. මෙම නිවසේ බල්ලන් දෙදෙනෙකු සහ බළලු‍න් තිදෙනෙකු ඇතිදැඩි වන අතර කුකුළන් දස දෙනෙකු ද ඇති දැඩි වෙති. මෙම නාගයා සහ සැපින්න ගෙන් මෙම සතුන්ට කිසිම අවස්ථාවක කිසිම අනතුරක් සිදු වී නොමැත.

පෙදරේරු කාර්මිකයෙකු වන රංජිත් ජයලත් මහතා නාගයාට සහ සැපින්නට ජීවත්වීම සඳහා හුඹස් මැටි උපයෝගී කරගෙන නිවසින් පිටත ස්ථානයක අලු‍තින් තුඹසක්ද නිර්මාණය කර දී ඇත. ඒ තුළින් මෙම නාගයා සහ සැපින්න නිර්මාණය කරන ලද මෙම නව තුඹස තුළට යනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වුවද, එම තුඹසේ මෙන්ම නිවස තුළ පිහිටි තුඹසේ ද මෙම නාගයා සහ සැපින්න වරින්වර ජීවත්වන බව රංජිත් ජයලත් මහතා අප සමග පැවසීය.







සටහන හා ඡායාරූප - රත්ගම ගාමිණී මහදුර
(උපුටා ගැනීම ලංකාදීප පුවත්පත.)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu