gossiplanka alexa දාගැබ සංරක්ෂණය කිරීමට විරුද්ධව කින්නියාවේ විරෝධතාවක් නිසා උණුසුම්කාරී තත්ත්වයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දාගැබ සංරක්ෂණය කිරීමට විරුද්ධව කින්නියාවේ විරෝධතාවක් නිසා උණුසුම්කාරී තත්ත්වයක්

ත්‍රීකුණාමලයේ කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමියේ පිහිටා ඇති  දාගැබේ සංරක්ෂණ කටයුතු ආරම්භ වීම නිසා ඊයේ (16)  කලබලකාරී තත්ත්වයක් ඇති වුණා. ඒ එම සංරක්ෂණ කටයුතු වලට විරෝධය දක්වමින් පිරිසක්  එම ස්ථානයට කඩා වැදිමට ගත් උත්සහය නිසා.  

දෙමල ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.ශ්‍රිධරන් හා එම පක්ෂයේ මඩකලපුව  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.යෝගේෂවරන් ඇතුළු පිරිසක් මෙලෙස විරෝධතාවය දක්වීමට පැමිණ සිටියා.

එම විරෝධතාව ව්‍යාර්ථ කිරීමට පොලිසිය මාර්ග බාධක යොදා පිවිසුම් මාර්ග වසා දැමීම හේතුවෙන් උණුදිය ලිං පරිශ්‍රයට පැමිණි සංචාරකයන්  විශාල පිරිසකට ඉන් පිටතට යෑමට නොහැකිව පැය කිහිපයක් කොටු වී සිටීමට සිදු වූ බව වාර්තා වනවා. 

දෙමළ ජාතික සංධාන විරෝධතාකරුවන් මෙසේ විරෝධතාව දැක් වූයේ උණුදිය ලිං පරිශ්‍රයේ සංරක්ෂණය කිරිමට යෝජිත දාගැබ අසල පැරණි ශිව දේවාලයක් තිබු බව කියමින්. දාගැබේ සංරක්ෂණ කටයුතු වලට විරෝධය පෑමට පිරිස් පැමිණෙන බවට කලින් ලද ආරංචියත් සමග ත්‍රිකුණාමලය ප්‍රාදේශිය බල මණ්ඩලයට අයත් ත්‍රිකුණාමලයේ ඥානකිත්ති හා අලුත්ඔය සද්ධාතිස්ස යන හිමිවරු ඇතුළු පිරිසක් කන්නියා උණුදිය ලිං ආසන්නයේ රැදි සිටියා. එම හේතුව නිසා ඇතිවීමට යන නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරිමට දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසට උණුදිය ලිං පිහිටා ඇති ප්‍රදේශයට ඇතුළු වීමට නොහැකි වන අයුරින් ඒ අසල පිහිටා ඇති හන්දිය අසලින් මාර්ග බාධක යොදා වසා දැමීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා. 

අවට පොලිස් ස්ථාන වලින් අතිරේක බල ඇණි, කැරලි මර්ධන කණ්ඩායම්  තත්ත්වය පාලනය කිරිමට යොදා තිබු අතර හදිසි තත්ත්වයකට මුහුණ දිමේ  සුදානමින් ත්‍රිකුණාමල පොලිස්  විශේෂ කාර්ය බලකායේ භට පිරිස් හා 221 බල සේනාවේ යුධ සෙබලුන් සුදානම් කර ඒ අවට දැඩි ආරක්ෂාවක් සලසාදි තිබෙන අයුරු දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.

මෙම උද්ඝෝෂණයට විරුද්ධ  පිරිසක් මෙම ස්ථානයට පැමිණ  විරෝධය දැක්විමට යන බව සැලවිමෙන් පසු උප්පුවේලි පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එය වාරණයට ලක් කරමින්  අධිකරණ නියෝගයක් ලබා ගනු ලැබුවා.  විරෝධතා කරුවන් බලහත්කාරයෙන් කන්නියා උණුදිය ලිං පරිශ්‍රයට යාමට උත්සහ ගනිද්දි අදාල අධිකරණ නියෝගය එම ස්ථානයේ විශේෂ රාජකාරියේ යෙදි සිටි කුච්චවේලි පොලිස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද  බාලසුරිය විසින් ප්‍රකාශයට පත් කළ බවයි වාර්තා වන්නේ. 

ඉන්පසු අධිකරණ නියෝගය නොතකා උණුදිය ලිං පරිශ්‍රයට කඩා වැදිමට ගත් උත්සහයේදි පොලිසිය හා කලහාකාරි පිරිස් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක්  ඇතිවුණා.  පැය කිහිපයකට පසු විරෝධතාකරුවන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණා. 2011 සැප්තැම්බර්  09 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින්  උණුදිය  ලිං හා ඒ අවට  ඇති පිළිමගෙය ඇතුලු පෞරාණික දෑ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.













.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu