gossiplanka alexa පවතින වැසි තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට අනතුරු ඇඟවීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පවතින වැසි තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට අනතුරු ඇඟවීම්

වතින අධික වැසි තත්වය මත රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නායයාම් පුර්ව අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නායයාම් පුර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබද සැළකිලි මත් වන ලෙස යි. පහත ලක්ෂණ පිළිබදව සැකිලිමත් වන ලෙස ජනතාවට විශේෂයෙන් දැනුම් දෙනු ලබනවා.

පොලවේ ඇති වන ඉරිතැලීම්, ගැඹුරට හැරුණ පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල් හෝ දුරකථන කුලුණු ආදි සිරස් විහිදුමක් සහිත ගොඩනැගිලි ආදිය පිළිබදව එමෙන්ම ගොඩනැගිලි බිත්ති ගෙබිම මත ඇතිවන ඉරි තැලීම් පිපුරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම සහ එක් වර ජල උල්පත් මතුවීම හෝ පෙර පැවති උල්පත් එකවර සිදී යාම හෝ නැතිවීම ජල උල්පත් වලින් බොර වතුර මතුවීම වැනි ලක්ෂණ.

මෙවැනි ලක්ෂණ දිස්වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කර මෙන් ද හැකි ඉක්මනින් අවදානමින් මිදීම සදහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් දැනුම් දෙනු ලැබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu