gossiplanka alexa සෝෆා ගිවිසුම නිසා ත්‍රස්තවාදීන්ට රට තුළ නිදහසේ හැසීරීමට ඉඩක්?? අමෙරිකානු හමුදාවට නීතිය ක්‍රියාත්මක නොවේ ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෝෆා ගිවිසුම නිසා ත්‍රස්තවාදීන්ට රට තුළ නිදහසේ හැසීරීමට ඉඩක්?? අමෙරිකානු හමුදාවට නීතිය ක්‍රියාත්මක නොවේ ?

විපක්‌ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක්‌  අතර ඊයේ (05) පැවති හමුවකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්‌ස මහතා  පවසා සිටියේ ඇමෙරිකාව සමඟ සෝෆා ගිවිසුම අත්සන් කිරීම මගින් මිලියන 2.9 ක්‌ වන අමෙරිකානු හමුදාවට ඕනෑම අවස්‌ථාවක දී ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි තත්ත්වයක්‌ උදාවන බවයි. 

වත්මන් රජය අමෙරිකාව සමඟ අත්සන් කිරීමට සැරසෙන සෝෆා, ඇක්‌සා සහ මිලේනියම් කෝපර්ෂන් යන ගිවිසුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විපක්‌ෂ නායකවරයා සමඟ ඊයේ (05 දා) විපක්ෂ නායක නිල නිවසේදී පැවති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කළා. 

සෝෆා සම්මුතියකට එළඹුණහොත් ත්‍රස්‌තවාදීන්ට මෙරට තුළ නිදහසේ හැසිරීමට ඉඩ කඩ සැලසෙන බවද,  අමෙරිකානු හමුදාව කුමන වරදක්‌ කළද මෙරට නීතිය ඔවුනට ක්‍රියාත්මක නොවනු ඇතැයි ද මෙම සාකච්ඡාවේදී කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නා. 

මේ අතර ප්‍රකාශයක්‌ නිකුත් කරමින් ආරක්‌ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පවසා සිටියේ මෙවැනි ගිවිසුමකට අත්සන් කිරීමට මෙරට රජයේ කිසිදු සූදානමක්‌ නොමැති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu