gossiplanka alexa ඉන්දියා කණ්ඩායම සිය මව් රටට ඒමට නොහැකිව එංගලන්තයේ නතර වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියා කණ්ඩායම සිය මව් රටට ඒමට නොහැකිව එංගලන්තයේ නතර වේ

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයේදී  නව්සීලන්තයට පරාජය වීමත් සමඟම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම යළි සිය මව් රට බලා ඒමට සිද්ධ වුණා. නමුත් ඔවුන්ට ඉන්දියාවට ඒමට නොහැකිව එංගලන්තයේ රැඳී සිටීමට සිදුවී ඇති බව වාර්තා වනවා.

ඒ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්, ඔවුන්ගේ පුහුණුකරුවන් සහ පවුල්වල ඥාතින් හට එංගලන්තයේ සිට ඉන්දියාව බලා ඒමට අවශ්‍ය ගුවන් යානා ආසන වෙන් කරවා ගැනීමට නොහැකිවීම නිසාවෙන්. කෙසේ වුවත් ඉන්දීය කණ්ඩයමේ ක්‍රීඩකයින් කොටස් කොටස් වශයෙන් බෙදී මේ මස 14 වෙනිදාට පසුව ඉන්දියාවට පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙන ජුලි මස 14 වෙනිදා තෙක් ඉන්දීය ක්‍රීඩකයින් හට එංගලන්තයේ රැඳී සිටීමට සිදුවෙනු ඇති.

අවසන් තරඟය සඳහා ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරනු ඇති බවට විශ්වාසයෙන් ප්‍රවේශ පත් මිලදී ගත් ඉන්දීය ක්‍රීඩා ලෝලීන් විශාල සංඛ්‍යාවක් ද සිටින බව එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ වන විට  කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා වූ සියළුම ප්‍රවේශ පත්‍ර විකිණී අවසන්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රවේශ පත් අලෙවි කිරීමේ වෙබ් අඩවිය ප්‍රවේශ පත් මිලදී ගත් පුද්ගලයින්ට අවශ්‍යනම් එම ටිකට් පත් යළි විකිණීමට අවස්ථාව උදා කර දී ඇතිමුත් මේ දක්වා අවසන් මහ තරගයේ ප්‍රවේශ පත් යලි අලෙවි කිරීමේ අඩුවක් දක්නට ඇති බවයි වාර්තා වන්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu