gossiplanka alexa "මට වැඩ කරන්න නිදහස ඕනෑ, වෙන අය ගන්න තීරණවලට මට වගකියන්න බැහැ" - හතුරුසිංහ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මට වැඩ කරන්න නිදහස ඕනෑ, වෙන අය ගන්න තීරණවලට මට වගකියන්න බැහැ" - හතුරුසිංහ

එංගලන්තයේ ලීඩ්ස්හිදී පැවැති ශ්‍රී  ලංකා කණ්ඩායමේ පුහුණු සැසියකින් අනතුරුව මාධ්‍ය අමතමින්  ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසා ඇත්තේ ශ්‍රී  ලංකා කණ්ඩායම වර්තමානයේ මුහුණපා සිටින තත්ත්වයට තමන් වගකිවයුතු නම් තම කටයුතු සිදුකරගෙන යෑමේදී මීට වඩා නිදහසක් තිබිය යුතු බවත්, වෙනත් අයකු ගනු ලබන තීරණ සම්බන්ධයෙන් තමාට වගකිව නොහැකි බවත් ය. 

“මේ වන විට ප්‍රධාන වශයෙන් මා හට පැවැරී ඇති වගකීම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දස්කම් වැඩිදියුණු කිරීමයි. යම් දෙයක් සඳහා මා වගකිව යුත්තෙක් ලෙසින් සැලකීමට නම් වැඩි නිදහසක් සහිතව මාගේ කාර්යයන් සිදු කිරීමේ හැකියාව මා හට තිබිය යුතුයි. එමෙන්ම මා යමක් පැවැසුවේ නම් එහි වගකීම මා හට පැවැරෙනවා. නමුත් වෙනත් කෙනකුගේ තීරණයක් සම්බන්ධයෙන් මා හට වගකීම පැවැරීම සිදුනොකළයුත්තක් බවයි මාගේ හැඟීම. කෙසේ වෙතත් ශ්‍රී  ලංකා කණ්ඩායමට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4ට පැමිණීමට නොහැකි වීම විශාල කනගාටුවක්. මම ශ්‍රී  ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුරේ වැඩ භාරගැනීමේ සිටම මෙම තරගාවලියේදී ශ්‍රී  ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට ගෙනඒමේ අදිටනින් වැඩ කළා. ඒ සඳහා අප විශාල වශයෙන් සැලසුම් සකස් කළා. ඒ අතරතුර විවිධ වූ දේවල් සිදුවුණා. කෙසේ වෙතත් ඉන්දියාව සමඟ තරගය සාර්ථකව නිමා කිරීමයි මේ වන විට අපගේ ඉලක්කය වී ඇත්තේ.” 

“මෙම ලෝක කුසලාන තරගාවලියේදී කුසල් මෙන්ඩිස්ගෙන් මීට වඩා දස්කම් අප බලාපොරොත්තු වුණා. සෑම විටම ඔහු හොඳ ආරම්භයක් ලබා ගත්තත් එය හොඳ ඉනිමක් දක්වා වර්ධනය කර නොගැනීම කනගාටුවට කරුණක්. විශේෂයෙන් ඔහු වැනි දක්ෂ පිතිකරුවකු එසේ අසාර්ථක වීම විශාල කනගාටුවක්. සාර්ථක ඉනිමක් ගොඩනඟමින් අදියරෙන් අදියර ඉදිරියට යෑම සම්බන්ධයෙන් මම සෑම අවස්ථාවකම ඔහු සමඟ කතා කළා. ඔහු ඉක්මනින් පරිණත තත්ත්වයට පත්වෙනවා. ඔහුගේ සාර්ථකත්වයෙන් කණ්ඩායමට විශාල ශක්තියක් එක් වෙනවා. වර්තමාන ශ්‍රී  ලංකා කණ්ඩායම සතුව ඇන්ජිලෝ මැතිව්ස් හැරුණුකොට පළපුරුදු පිතිකරුවන් නොමැති වීමත් විශාල පාඩුවක්. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ තිලකරත්න දිල්ෂාන් වැනි පිතිකරුවන් මෙවැනි ව්‍යාකූල කාලපරිච්ඡේද ඉතා දක්ෂ ලෙස හසුරුවා ගත්තා. කුසල් මෙන්ඩිස් තවමත් එවන් පරිණත තත්ත්වයකට ළඟාවී නොමැති බව මාගේ මතයයි” යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හතුරුසිංහ පවසා සිටියා.  

මේ අතර ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරින් හතුරුසිංහ මහතාව ඉවත් කිරීමට ඇති හැකියාව පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් නීති උපදෙස් ලබා ගන්නා බවට පැතිර යන වාර්තා සම්බන්ධයෙන්ද එහිදී අදහස් දැක්වූ ශ්‍රී  ලංකා ප්‍රධාන පුහුණුකරුවා කියා සිටියේ එවැනි කිසිවක් සම්බන්ධයෙන් තමා නොදන්නා බවයි. “එවැනි දෙයක් සම්බන්ධයෙන් මට කිසිවක් මෙතෙක් දැනගැනීමට ලැබුණේ නැහැ. වෙනත් අය පවසන දේවලින් මම සැලකිලිමත් වන්නේ නැහැ. මේ අවස්ථාවේදී මාගේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ ශ්‍රී  ලංකාවට ඇති මීළඟ තරගාවලිය සඳහා සූදානම් වීමයි” යනුවෙන් පැවසුවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu