gossiplanka alexa එංගලන්තයෙන් විෂ අපද්‍රව්‍ය සහිත කන්ටේනර් තොගයක් ලංකාවට,විශාල සෞඛ්‍ය හා පාරිසරික අවධානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එංගලන්තයෙන් විෂ අපද්‍රව්‍ය සහිත කන්ටේනර් තොගයක් ලංකාවට,විශාල සෞඛ්‍ය හා පාරිසරික අවධානමක්

ක්සත් රාජධානියේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ පාවිච්චියෙන් පසුව ඉවත් කරන ලද පරණ මෙට්ට තොගයක් අඩංගු කන්ටේනර් 98ක් කොළඹ වරායේ තිබී ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ (8) අත්අඩංගුවට ගනු  ලැබුවා. භාවිතයෙන් ඉවත් කරන ලද එම මෙට්ට තොගය කටුනායක ප්‍රදේශයේ ආයතනයක් විසින් මෙරටට ගෙන්වනු ලැබ ඇතැයි පරීක්ෂණවලදී හෙළිවූ බව රේගුව සඳහන් කරනවා.  

මෙම පරණ මෙට්ට තොගය ගෙන්වා ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියේ අවසරයකින් තොරවයි. 

එම කන්ටේනර්වල තිබී කාපට්, ප්ලාස්ටික් හා පොලිතීන් වැනි ද්‍රව්‍යයන් ද කීටයන්, මැරුණු පැළෑටි, දිලීර හා පක්ෂීන්ගේ පිහාටු වැනි දෑ ද පරීක්ෂණවලදී හමුවී තිබෙනවා. මෙම පාවිච්චි කළ මෙට්ට අඩංගු කන්ටේනර්වල පාරිසරික අන්තරායක ද්‍රව්‍ය කිසිවක් අඩංගු විය හැකි බවට දැඩි සැකයක් පවතින බව රේගු පාරිභෝගික ආරක්ෂක ඒකකය පවසනවා. මේ අනුව මෙම භාවිත කළ මෙට්ට තොගය අඩංගු කන්ටේනර් සියල්ල එක්සත් රාජධානියට ප්‍රතිඅපනයනය කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රේගුවට දන්වා තිබෙනවා. 

කන්ටේනර් 102ක් මෙරටට ආනයනය කළ බවට මෙම ආයතනය රේගුවට දැනුම් දී තිබුණ ද ඊයේ (8) වන විට සොයා ගැනීමට හැකිවී තිබෙන්නේ ඉන් කන්ටේනර් 98ක් පමණයි. පාවිචිච් කළ මෙට්ට ආනයනය කරන බවට මෙම ආයතනය රේගුවට ප්‍රකාශ කළ ද ඒවා සියල්ල කුණු ගොඩක් බවට පත්ව ඇතැයි ද රේගුව පවසනවා. ආනයනය කරන ලද පාවිච්චි කළ මෙට්ට තොගය හේතුවෙන් විශාල සෞඛ්‍ය හා පාරිසරික අවධානමක් ඇතිවිය හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරිය රේගුවට දැනුම් දී තිබෙනවා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා රේගුව, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, එක්සත් ජාතින්ගේ පාරිසරික අංශය හා නිරෝධායතනය පුළුල් විමර්ශනයක් සිදුකරන බව ද එම ආරංචි මාර්ග පවසනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu