gossiplanka alexa ආදි සිසු හමුවටත් ආරක්ෂකයින් සමඟ ගිය සිහින ජනාධිපතිගේ ජීවිතයේ ඇතුල් පැත්ත

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආදි සිසු හමුවටත් ආරක්ෂකයින් සමඟ ගිය සිහින ජනාධිපතිගේ ජීවිතයේ ඇතුල් පැත්ත

දිනෙෂ් නුවන් අමරතුංග නැමැති පෞද්ගලික ගණිත ගුරුවරයෙකු හා ඔහුගේ කාර්ය මණ්ඩලය කළගෙඩි හේන ප්‍රදේශයේ දී වෑන් රථ රියදුරෙකුට පහර දීම මේ දිනවල කතා බහට ලක්වෙන පුවතක්. තමන් මතු ශ්‍රී ලංකාවේ ජනධිපති යැයි පවසන මොහු පිළිබඳ විස්තරයක් තමයි මේ. 

දිනේෂ් උපන්නේ ඉංගිරිය උතුර ගාල්ලේගම ග්‍රාම නිලධාරී වසමේය. දිනේෂ් පවුලේ වඩිමලා වූ අතර ඔහුට බාල සහෝදරෙයෙක් හා සහෝදරියක් සිටියි. පියා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද උප පොලිස් පරීක්ෂකවරයෙකි. දිනේෂ් උසස් පෙළ සමත්ව සබරගමුව විශ්ව විද්‍යාලයට ගියේ උසස් අධ්‍යාපනය ලැබීමටයි. 

එහෙත් උපාධිය සම්පූර්ණ කර ගැනීමට කලින් ඔහු හිටි ගමන් අතුරුදහන් වූ බව තමයි ඔහු සමඟ ඉගෙන ගත් අය පවසන්නේ. ඔහූ කූට ලේඛන සකස් කර පංති තහනමට ලක් වූ අයෙක් බව වසර කිහිපයකට පෙර ඇතැම් මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කර තිබේ. 

විශ්වවිද්‍යාලයේ ඉඑගෙන ගන්නා කාලයේ දීම ගණිතය විෂය පිළිබඳ පෞද්ගලික පංති පවත්වා ඇත. එසේම පරිගණක මූලික පංති ද පවත්වා ඇතැයි පැවසේ. මෙසේ ඔහු ඉංගිරිය, පාදුක්ක, හොරණ ප්‍රදේශවල පංති පවත්වන අතර ඔහු පරිගණක ශිෂ්‍යත්ව ලබා දෙන බවට ද පොරොන්දු ලබා දී ඇතැයි ද දැනගන්නට ලැබේ. පරිගණක ලබා දීමේ පොරොන්දුව පිට ඔහු විසින් සිසුවෙක්ගෙන් රුපියල් දහදාහක් ලබා ගෙන ඇති අතර ඔහු ලබා දුන් පරිගණක ටික කලකින්ම ක්‍රියා නොකරන ඒවා විය. මේ පරිගණක වංචාව ගැනද මාධ්‍ය විසින් හෙළිදරව් කර ඇත.

ඔහුව හොඳින්ම දන්නා විශ්ව විද්‍යාල සිසුන් පවසන්නේ ඔහුගේ එක් වංචාවක් හෙළි වූ පසු නැවත වෙනත් උපක්‍රමයකින් මුදල් වංචා කරන බවයි. දිනෙෂ්ං නුවන් අමරතුංග නමින් වන මුහුණු පොතේ ඔහු නමින් ඇති ගිණුමෙහි ඔහු ඉගෙනගත් විශ්ව විද්‍යාලය ලෙස ලන්ඩන් විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා නීති විද්‍යාලය ආදිය සඳහන් කර ඇත. එසේම ඔහු තමන්ව හඳුන්වා දී තිබෙන්නේ නීතිඥයෙකු, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරයෙකු හා ඉංජිනේරුවෙකු ලෙසයි. 

එහෙත් ඔහු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිය හදාරා විභාගයට පෙනී සිට ඇති නමුත් නීතිඥයෙකු නොවන බවට පොලීසිය තහවුරුකරගෙන තිබෙනවා. 

ගමේ මිනිසුන් ඔහුව සිහින ජනාධිපති ලෙස හඳුන්වයි. එසේ කියන්නේ කවදා හෝ තම ජනාධිපතිවන බව ඔහු පවසන නිසාම නොව ප්‍රභූවරයෙකු ලෙස ගමේ හැසිරීමට ඔහු දක්වන උනන්දුව නිසාය. ගමේ ගෙදරට ඔහු පැමිණෙන්නේ ද ආරක්ෂක නිලධාරීන් ලෙස හැඟී යන ආකාරයේ විශේෂ ඇඳුම් ඇඳගත් තරුණයින් පිරිසක් සමඟය. විශ්ව විද්‍යාලයේ ආදි සිසු හමුවක දීද ඔහු ඇමතිවරයෙක් සේ ආරක්ෂකයින් පිරිවරා පැමිණි බවත් ඔහු සමඟ කතා කිරීමට එහි සිටි පිරිසට ඉඩක් නොලැබුණු බවත් ඔහුගේ මිතුරෙක් පවසා තිබෙනවා. 

දේශපාලනයට පිවිසීමේ ඔහුගේ සිහිනය නිසාම මීට වසර කිහිපයකට පෙර එජාපයේ හොරණ ආසනයේ සංවිධායක ධූරය බලාපොරොත්තුවෙන් පෝස්ටරයක් ඇලවූ බවට ද වාර්තා වනවා. මෙම ගුරුවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ හතලිහක් පමණ සේවය කරන බව ද ඒ අයගෙන් පහක්, හයක් පමණ ඒ ඒ වැඩසටහන්වල දී අවශ්‍යතාව අනුව ඔහුගේ වැඩසටහන් වලට සහභාගී වීමට ඔහුත් සමඟ ගමන් කරන බව ද  තහවු වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu