gossiplanka alexa හමුදාවටත් අංගම්පොර සටන් ක්‍රම, දසබල රාවන පර්යේෂණ හා සංරක්ෂණ අංගම්පොර ගම්මානයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හමුදාවටත් අංගම්පොර සටන් ක්‍රම, දසබල රාවන පර්යේෂණ හා සංරක්ෂණ අංගම්පොර ගම්මානයක්

කිලිනොචිචිය ආරක්ෂක සේනා මූලස්ථානයේ අංගම්පොර ගම්මානයක් යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අතින් විවෘත වුණා. ඒ ආත්මාරක්ෂක සටන්ක්‍රමයක් වන අංගම්පොර සටන් ක්‍රම යුද හමුදාවටද හැදෑරීමට අවස්ථාව ලබා දෙමින්. මෙම අංගම්පොර ගම්මානය  දසබල රාවන පර්යේෂණ හා සංරක්ෂණ අංගම්පොර ගම්මානය ලෙස නම් කර තිබෙනවා.

කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා සෙබලුන් 56 දෙනෙකු පමණ මේ වන විට අංගම්පොර සටන් හැදෑරීමට පිවිස සිටිනවා. ඔවුන් වෙනුවෙන් සහ ඉදිරියේදී අංගම්පොර සටන් ක්‍රමය හැදෑරීමට අවශ්‍ය ඕනෑම ගුරු කුලයක අයෙකුට අවශ්‍ය වන අයුරින් සටන්ක්‍රම ඉගැනීමට මෙම අංගම්මන්පොර ගම්මානය ඉදිකර තිබෙනවා. 

කිලිනොච්චය ආරක්ෂක සේනා මූලස්ථානයේ විවෘත වූ අංගම්පොර ගම්මානයේ අංගම්පොර සටන් ඉගැන්වීම හා අධීක්ෂණ කටයුතු වෙනුවෙන් රිටිගල පරම්පරාවේ දේවින්ද ලක්සිරි රණසිංහ ගුරුන්නාන්සේ ඇතුලු සිසුන් විසින් දායකත්වය ලබා දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu