gossiplanka alexa සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන ඡායාරූපයේ ඇත්ත කතාව - කිසිම දේකට නෑ බෑ නොකියන දරුවෙක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන ඡායාරූපයේ ඇත්ත කතාව - කිසිම දේකට නෑ බෑ නොකියන දරුවෙක්

මාජ මාධ්‍ය ඔස්සේ පලවන නොයෙක් ඡායාරූප ගැන බොහෝ දෙනා කතා බහට ලක් කරනවා. ඒ අතරිනුත් සංවේදී ඡායාරූපවලට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණය විශාලයි. මෑත දී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ සිටින අය ගැන පළ කෙරුණු හෙළිදරව්වක් තමයි මේ.


"අන්තර්ජාලයේ සැරසරද්දි ඔබටත් මේ අපූරු ඡායාරූපය ඇහැ ගැටෙන්න ඇති. මේ පොඩ්ඩාගේ නම ජෝශප්. අනිත් කෙනා කාසන් පිකට් කියන පාපන්දු ක්‍රීඩිකාවක්.

නමුත් විශේෂත්වය වෙන්නේ ජෝසප්ගේත් මේ පාපන්දු ක්‍රීඩිකාවගේත් දෙදෙනාගෙම වැළමිටට පහළින් වම් අත නොතිබීමයි. ඉතින් මේ ආදරණීය ඒ වගේම හැඟුම්බර ඡායාරූපය ගොඩක් දෙනෙක්ගේ හිත් සංවේදී කරන්න සමත් වුණා.

ඇත්තටම මේ ජෝසප්ගේ සහ කාසන් පිකට් කියන මේ පාපන්දු ක්‍රීඩිකාවගේ පළමු හමුවීම නෙමෙයි. ඔවුන් දැනට මාස කිහිපයක ඉඳන් හොඳ මිත්‍රයෝ. ජෝසප්ගේ පියා කියන විදිහට ඔවුන් දෙදෙනා මුලින්ම මුණගැහිලා තියෙන්නේ පහුගිය අප්‍රේල් මාසයේදීයි.

තමන් වගේම වම් අත නැති කාසන් එක්ක ජෝසප් බොහොම ඉක්මණින් යාළු වුණා කියලයි පොඩ්ඩගේ දෙමාපියන් කියන්නේ.

මේ දෙන්නගේ යාළුකම හින්දම ජෝසප්ගේත් කාසන්ගේත් දෙමාපියෝත් හොඳ හිතවතුන් බවට පත්වෙලා.

“අපිට කාසන්ගේ දෙමාපියන්ගෙන් ගොඩක් හොඳ ගුරුහරුකම් ලැබෙනවා. විශේෂයෙන්ම ජෝසප් ඉස්සරහට යද්දි සමාජයෙන් එල්ල විය හැකි උසුළු විසුළුවලට මුහුණ දෙන්න එයාව පුරුදු කරන්නේ කොහොමද කියලා අපිට කාසන්ගේ දෙමාපියන්ගෙන් හොඳ උපදෙස් ටිකක් ලැබුණා” ජොසප්ගේ මව්පියන් කියනවා.

කොහොම වුණත් හොඳ විහිළුකාරයෙක් වෙන ජෝසප් දැනටමත් තමන්ගේ වම් අතේ තියෙන අවුල ගැන ලස්සන විහිළු කතාවක් ‍ගොතලා ඉවරයි.

“තමන්ගේ වයසේ අනිත් පොඩ්ඩෝ අත ගැන අහද්දි ජෝසප් කියනවා එයාට හොඳටම බඩගිනි වෙච්ච වෙලාවක එයාම එයාගේ අත කෑවා කියලා” ජෝසප්ගේ අම්මා හිනා වෙවී කියනවා.

ආබාධයක් තිබ්බට ජෝසප් කවදහරි හොඳ ක්‍රීඩකයෙක් වෙන ලක්ෂණ දැනටමත් පෙන්නලා ඉවරයි. තනි අතින් මන්කි ලැඩරයේ එල්ලිලා ඉන්න ජෝසප් පාපන්දු, බාස්කට් බොල් වගේම බේස් බෝල්වලටත් ගොඩක් කැමතියි.

ජෝසප්ගේ මව්පියන්ට වුවමනා වෙලා තියෙන්නෙත් ජෝසප් කිසිම දේකට ‘නෑ, බෑ’ කියන චරිතයක් කරන්නයි. තමන්ට උපතින්ම යම් ආබාධයක් තිබ්බත් ඒක බාධාවක් කරගන්නේ නැතිව ඉස්සරහට යන්න ජෝසප්ව උනන්දු කරවන්නයි එයාලට ඕන. ඉතින් ජෝසප්ට වගේම ආබාධයක් තිබිලත් ඒක සතේකටවත් ගණන් ගන්නෙ නැතිව ජීවිතයේ ඉස්සරහට ගිහින් වෘත්තීය පාපන්දු ක්‍රීඩිකාවක් වුණු කාසන්ව ජෝසප්ට මුණගැහීමත් එයාගේ ජීවිතේට ලොකු ශක්තියක් වේවි.

සුරංග/ දේශය










ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu