gossiplanka alexa ක්‍රිකට් පුහුණුවට කිලෝමීටර් තිහක් ගිනි අව්වේ පයින් යන අපේ දරුවෝ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්‍රිකට් පුහුණුවට කිලෝමීටර් තිහක් ගිනි අව්වේ පයින් යන අපේ දරුවෝ

ල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් දිවිතුර ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ධම්මතිලක මහා විද්‍යාලය මේ දරුවන් කිලෝමීටර් තිහක් දුර ගෙවාගෙන ගිනි අව්වේ පා ගමනින් මහත් වෙහෙසකර ගමනක යෙදෙන්නේ ක්‍රිකට් පුහුණුවට සඳහායි.  ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව දැනට පවතින එකම පාසල වන මෙහි යන ඕනෑම අයකුට මේ දරුවන් බාධක මැද ක්‍රීඩා කටයුතු සිදුකරන අයුරු මනාව පැහැදිලි වනවා. 

ක්‍රීඩා පිටියක් නොමැතිව, ක්‍රීඩා උපකරණ කිසිවක් නොමැතිව සිතේ සවියෙන් ක්‍රීඩාවේ යෙදෙන තම දරුවන් ගැන මවුපියෝ පැවසූවේ මෙවන් කතාවක්.

“අපේ දරුවන්ට ක්‍රීඩා පුහුණු වෙන්න පිට්ටනියක් නැහැ. ඉස්කෝලේ පේමන්ට් එකේ තමයි සමහර දිනවල පුහුණු වෙන්නේ. සතියකට දෙපාරක් විතර අම්බලන්ගොඩට පුහුණුවට යනවා. කිලෝමීටර් තිහක් දුර යන්න ඕනේ. රුපියල් එක්දහස් පන්සීයක මුදලක් එක් වතාවට අය කරනවා. බස් ගාස්තු වියදම් වෙනවා. පුතා නිතරම කියන්නේ ලංකාවේ කණ්ඩායමට ක්‍රීඩා කරනවා කියලයි. කණ්ඩායමේ හැමෝටම මේ වියදම දරාගන්න අමාරුයි. පුහුණුකරුත් අපෙන් කිසිම මුදලක් නොගෙන තමයි පුරුදු කරන්නේ. බලධාරීන්ට මේ වගේ පාසල් පේන්නේ නැහැ.” 

තවත් එක් මවක් පැවසූයේ "අපි ගොවිතැන් කරන අය. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුවලට මුදල් යෙදුවාම ක්‍රීඩා උපකරණයක් ගන්නවත් මුදල් නැහැ. අපේ දරුවන්ගේ දක්ෂතා දැක්කාම අපට සතුට වැඩිකමට කඳුළු එනවා. කවුරු හරි කෙනෙක් අපේ දරුවන්ට අත දෙනවනම් පින් සිද්ධ වෙනවා.” යනුවෙන්.

“මම සහිතක ලත් පුහුණුකරුවෙක්. ජනප්‍රිය පාසල්වලින් ආරාධනා තිබුණත් මේ දරුවෝ ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. විශිෂ්ට පන්දු යවන්නන් පාසලේ ඉන්නවා. පුහුණු කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් කිසිසේත්ම නැහැ. ප්‍රදේශයේම ක්‍රිකට් තියෙන්නේ මේ පාසලේ විතරයි. බලධාරීන්ගේ අවධානය මේ වගේ පාසල් කෙරෙහි යොමුවෙන්න ඕනේ.” එසේ පැසූයේ මෙම කණ්ඩායම් පුහුණුකරු වන එල්. හර්ෂ ප්‍රදීප් මහතායි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu