gossiplanka alexa "අසන්ත ද මැල් ඔබ නොදත් කුලසේකරව අප නම් දන්නේ එහෙමය" - කුලේ වෙනුවෙන් හදවතින්ම ලියවුණු වචන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"අසන්ත ද මැල් ඔබ නොදත් කුලසේකරව අප නම් දන්නේ එහෙමය" - කුලේ වෙනුවෙන් හදවතින්ම ලියවුණු වචන

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වුණු  ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් පසුව මාධ්‍ය සාකච්ඡා වට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමානාකරු ,නායක වගේම පුහුණුකරුත් අදහස් දැක්වුවා. මෙම අවස්ථාවේ දී මේ දවස් වල අයෙත් සැරයක් කතාබහට ලක් වෙලා ඉන්න නුවන් කුලසේකර ගැන මාධ්‍යවේදියෙක් කණ්ඩායමේ කළමණාකාරතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

"එයා කොහෙද? එයාගේ නම නැනේ .එයා ඉන්නවනම් අපේ ස්කොඩ් එකක ඉන්නවා.ඔයා අහපු හින්ද මම හොයල බලන්නම්" යනුවෙන් අසන්ත මෙල් මහතා ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශයත් එක්ක නුවන් කුලසේකරට බොහෝ සේ ආදරය කරන ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් අසන්ත ද මෙල් මහතාගේ මෙම ප්‍රකාශය බොහෝ විවේචනයට ලක් කලා. සමාජ මාධ්‍ය හරහා ඔවුන්ගේ විරෝධය පළ කලා. කුලසේකර වෙනුවෙන් හදවතින්ම ලියවුණු වචන පෙළක් මෙලෙස උපුටා දක්වමු. 

"ලසිත් මාලිංගටත් කලියෙන් සිංහ ජර්සිය ඇගලාගන්නට වරම් ලැබෙන්නේ නුවන් කුලසේකරටය.. නුවන් එක්දින වරම් ලබන්නේ 2003 වසරේ එංගලන්තයට එරෙහිවය.. එතැන් පටන් චමින්ද වාස් පසුපස සිටිමින් නුවන් හා ලසිත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් නිහඩවම දරදිය ඇද්දේය.. චමින්ද වාස්ගෙන් හිස් වූ පන්දු දෝළණය කරමින් පන්දුව කෙලින්ම කඩුල්ලේ දැවටීමේ වගකීම ගත්තේ කුලසේකරය.. පලමු ඕවරයේම වාස්ට වෙන්වූ කඩුල්ල කුලසේකරට ලැබෙන්නේ එහෙමය.. ලසිත් තරම් දඩබ්බර නොවු කුලේ සැම විටම සිනාමුසු මුහුණින් තමන්ගේ රාජකාරිය අකුරටම කලේය.. එක්දින කඩුලු 199 ක් ටෙස්ට් කඩුළු 48ක් විස්සයි විස්ස කඩුළු 66ක් ලබා ගනිමින් ඔහු ලක් මව වෙනුවෙන් වැඩිම එක්දින කඩුළු ගත් අය අතරින් 5 වෙනි තැන සිටියි..

ශ්‍රී ලංකා ක්‍රිකට් තුල නම් දරාපු කිසිදු පන්දු යවන්නෙකුට කල නොහැකිව තිබු එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් තුල 2009 වසරේදී අංක එකේ පන්දු යවන්නා වන්නේ කුලසේකරය..

කුලසේකර යනු පන්දු යවන්නෙකුට එහා ගිය ක්‍රීඩකයෙක් බව ඔහු ඇති තරම් ඔප්පු කරවු අවස්ථා ශ්‍රී ලංකා ක්‍රිකට් තුල ඇත.. දක්ෂ පන්දු රකින්නෙක් මෙන්ම අවශ්‍යම වෙලාවට කුලසේකරගේ නිහඩ පිත්ත පත්තුවූයේ එය සනාථ කරමින්ය.. 2011 ලෝක කුසලාන තරගාවලියේදි පාකිස්තානය ඉදිරියේ නම් දරාපු පිතිකරුවන් පවා වගකීම් පැහැර හැර යන විට අන්තිම අඩියෙන් පිටියට එන කුලසේකර දිගට හරහට පහර දෙමින් ජයග්‍රහණයක් සොයන්නේ අප වෙනුවෙන්ය.. තව ලකුණු 10ක් පිතිකරුවන් ලබා දී තිබුනා නම් කුලසේකර ඉතිහාසය වෙනස් කරන්නට තිබුණේය. 2013 ශූරයන්ගේ කුසලානයේදි එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නොම්බර 5 පිතිකරු ලෙස එන්නේ කුලසේකරය.. ඉන්දියානු විචාරක ගවස්කාර්ලාගේ විහිලු සහගත රාත්‍රි රැකවලා යන නාමයට කුලසේකර උත්තර දෙන්නේ අර්ධ ශතකයක් ලබා ගනිමින් පිත්තෙන්ය.. ඒ මදිවට සංගක්කාර දුවද්දි දැවි යාමට ආසන්න වූ අවස්ථාවක තමන්ගේ අන්තය පවා පූජා කරමින් කුලසේකර සංගක්කාර රැකගන්නේ ක්‍රීඩා ලෝලින්ගේ හදවතට තට්ටු කරමින්ය.. සුන්දර සිනහවක් ඇති නිහතමානී කුලසේකර එහෙමය..

2014 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී ලසිත් මාලිංග සමගින් අන්තිම ඕවර් වල කුලසේකර කල පෙරලිය නොවූයේ නම් ඒ ලෝක කුසලානයත් අපෙන් ඈතට යන්නට තිබුණ නම් බව නම් නොරහසකි..

අසන්තා ද මැල් ඔබ නොදත් කුලසේකරව අප නම් දන්නේ එහෙමය.. කිසිදු වැඩක් ගන්නට නොහැකි වයස්ගත ජීවන් මෙන්ඩිස්ලා ලෝක කුසලානයට අරන් යන්නත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් දරදිය ඇද්දා වූ කුලසේකරලාට සමුගැනීමේ හෝ තරගයක් ලබා දෙන්නට නොහැකි බවත් ඔහු දැන් වයසයි යැයි කියන්නේ කටින්ද නැත්නම් වෙනත් තැනකින්ද කියා අප නම් දන්නේ නැතිය.. කුලසේකර කියන්නේ කවුද යැයි අසන්නට ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කල යමක් ඇද්දැයි අපට අසන්නට සිතෙයි.. ඔබලා වැනි ක්‍රිකට් කාබාසිනියාකාරයන් කුලසේකරලාගේ දහඩිය පොදක් තරම්වත් වටින්නේ නැතිය.. දැන් ඉන්න පන්දු යවන්නන්ට වඩා ගව් ගානක් තාමත් කුලසේකරලා හා මාලිංගලා ඉදිරියෙන් බව නම් නොරහසක්ය...

චමින්ද වාස්ටවත් සනත් ජයසූරියටවත් හරිහමන් සමුගැනීමක් නොදුන් රටක නුවන් කුලසේකරට සමුගැනීමේ තරගයක් ඉල්ලීම ක්‍රීඩා ලෝලින් වශයෙන් අප බලාපොරොත්තු වීමේ වරදක් තියෙන්නට පුළුවන්ය.. නමුත් ලසිත් මාලිංග වගේම කට ගහන් ගොස් හෝ කුලසේකර මේ අවස්ථාව ඉල්ලා සිටින්නේ නම් නැති බව නම් පැහැදිලිය.. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වශයෙන් අප ඉල්ලා සිටින්නේ ලෝක කුසලාන නොව එකම එක් තරගයකි.. ඒ කුලසේකර අප වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කල දෑ වෙනුවෙන්ය. එය ඔහු වැනි ක්‍රීඩකයෙක්ට ලැබිය යුතුය..

අවසන් වශයෙන් කියන්නට ඇත්තේ ,

ශ්‍රී ලංකා ක්‍රිකට් දිනෙන් දින වල පල්ලට යන්නේ අසන්ත ඔබලා වැනි අසමජ්ජාති පාලකයන් නිසා බව නම් මනාව පැහැදිලිය.. !!"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu