gossiplanka alexa වධක තනතුරට බඳවා ගැනීමට එල්ලුම් ගහ පරිශ්‍රයේ පුහුණුවීම් සහ මනෝ වෛද්‍ය වැඩමුළු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වධක තනතුරට බඳවා ගැනීමට එල්ලුම් ගහ පරිශ්‍රයේ පුහුණුවීම් සහ මනෝ වෛද්‍ය වැඩමුළු

ධක තනතුර සඳහා තිබූ සම්මුඛ පරීක්ෂණවලින් ‍තෝරාගත් 26 දෙනෙකු සඳහා පොලිස් විශේෂ බලකායේ පුහුණුව ලබා දෙන බවට ප‍්‍රකාශ කෙරුණ ද ඔවුන්ට එම පුහුණුව ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් එම 26 දෙනාගෙන් දෙදෙනෙකු  ලබන සතිය තුළ වධක තනතුර සදහා බදවා ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. 

විශේෂ කාර්ය බලකා පුහුණුව නොමැති වුවත් මෙම පිරිස ඉකුත් දින කිහිපයේදි පුහුණු සැසි සදහා යොමු කළ බවත් එම පුහුණුවීම් අද දිනයෙන් අවසන් බවත් බන්ධනාගාර ආරංචි පැවසුවා. වැලිකඩ එල්ලූම්ගහ පිහිටි ස්ථානයේද ඔවුන්ට පුහුණුවක් ලබාදි ඇති අතර ඔවුන්ගේ මානසිකත්වය ඉහළ මට්ටමක තබා ගැනීම සදහා මනෝවිද්‍යා වෛඳ්‍යවරයෙකුද වැඩමුළු පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙම පුහුණුවීම්වලදී වැඩිම ලකුණු ලබාගන්නා දෙදෙනා බදවා ගැනීමට නියමිතයි. කෙසේවෙතත් වධක තනතුර සදහා බදවා ගන්නා දෙදෙනා පිළිබද ප‍්‍රසිද්ධ නොකිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

කෙසේවෙතත් මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට අදාළ ජනාධිපතිවරයාගේ නියෝගය මෙතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බවයි බන්ධනාගාර උසස් නිලධාරියෙකු ප‍්‍රකාශ කළේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu