gossiplanka alexa ගංඟාවේ ගිලී මිය ගිය පියා සහ දියණිය පලා ගිය හේතුව ගැන හෙළිදරව්වක් (PHOTO)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගංඟාවේ ගිලී මිය ගිය පියා සහ දියණිය පලා ගිය හේතුව ගැන හෙළිදරව්වක් (PHOTO)

ලෝකයේ බලවතා ලෙස සලකන ඇමරිකාවේ ජීවත් වීමට බොහෝ දෙනාගේ හිතේ සිහිනයක් පවතිනවා. නීත්‍යානුකූලව  බැරිනම් රහස් මාර්ගයකින් හරි ඇමරිකාවට යන්න උත්සාහ කරන අය බොහොමයි. මේ විදියට ඇමරිකාවට පලා ඒමට උත්සාහ කළ 25 හැවිරිදි සැල්වදෝර් ජාතිකයකු සහ ඔහුගේ මාස 23 ක් වූ දියණියට අත් වූ ඉරණම ඉතා ඛේදනීයයි.  ඔවුන් ඇමරිකාවට පලා ඒමේ මාර්ඟය ලෙස රියෝග්‍රෑන්ඩ්  ගංගාව ‍තෝරාගෙන තිබු අතර එය පිහිනාගොස් ඇමරිකාවට ළඟාවීම ඔවුන්ගේ අදහස වුණා. 

මියගිය පියා සහ දියණිය  ද, ඇයගේ මව ද අප්‍රේල් 3 වනදා සැල්වදෝරයෙන් පිටත් වී දකුණු මෙක්සිකෝවේ සංක්‍රමණික කඳවුරක මාස දෙකක් ගත කර තිබුණා. ඔවුන් පැමිණෙන විට, කොන්සල් කාර්යාලය වසා ඇති බව දැක තිබෙනවා. සම්මුඛ සාකච්ඡා සඳහා පෙළ ගැසී සිටින සිය ගණනක් සංක්‍රමණිකයින්ගේ ලැයිස්තුවේ ඔවුන් සිටියේ ඉතාමත් පහළින්. මේ හේතුව නිසාම ඔවුන් නීතිවිරෝධීව මෙසේ පලා ඒමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ. තම සැමියා සහ දියණිය ගංගාව හරහා තරණය කරන අයුරු ගංඉවුරේ සිට  Tania Avalos බලා සිටි බව හෙළිදරව් වුණා. මෙම සැල්වදෝර් පවුල ඉදිරි සතියේදී ඇමරිකානු ආගමන බලධාරීන් හමුවීමට නියමිතවතිබූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

මෙසේ මිය ගොස් ඇත්තේ, Oscar Alberto Martinez Ramirez සහ ඔහුගේ සිඟිති දියණිය වූ  Valeria ය . මියගිය පියා සහ දියණියගේ සිරුරු ටෙක්සාස් දේශසීමාව අසල තිබී හමුවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. සිය සැමියාගේ හා දියණියගේ වියෝවෙන්, Tania Avalos  මහත් කම්පනයට පත්ව ඇති අතර ඔවුන්ගේ ඡායාරූප බොහෝමයක් මේ වන විට මාධ්‍ය තුළ සැරිසරනවා.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu