gossiplanka alexa තුන්වරක් හමුදාපතිට කතාකරපු හේතුව බදියුදීන් කාරක සභාව ඉදිරියේ කියා සිටී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තුන්වරක් හමුදාපතිට කතාකරපු හේතුව බදියුදීන් කාරක සභාව ඉදිරියේ කියා සිටී

ද(28) සවස පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කැඳවා තිබුණා.

එහි දී පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට බලපෑම් සිදු කර ඇතැයි එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන්  හිටපු අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

''දෙහිවල ප්‍රදේශයේ දී පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් තරුණයා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ උපදේශකවරයෙකුගේ පුතෙක්. මොහොමදීන් නැමැති තම මිතුරා ඔහුගේ පුතා නොදන්නා පිරිසක් විසින් ‍රැගෙන ගිය බවත් ඔහුව සොයා දෙන ලෙසත්  අප්‍රේල් මස 26 වන දින දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉල්ලා සිටියා. ඊට පස්සෙ දෙහිවල පොලීසියේ ස්ථානාධිපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියත් ඔහු මේ බව නොදන්නා බව පැවසුවා. ඒ අනුව අප්‍රේල් මස 27 වන දින තම මිතුරා නිවසට පැමිණ අඩමින් සිදුවු දේ ගැන කියා සිටියා. ඒ නිසා යුද හමුදාපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා ගෙන අතුරුදන් වු තරුණයා පිළිබඳ තොරතුරක් දන්නවා ද යනුවෙන් විමසා සිටියා.  එහි දී යුද හමුදාපතිවරයා මේ ගැන සොයා බලන්නම් යනුවෙන් කියලා කිව්වා. ඒ හින්දා පසුව දා ද දුරකථනයෙන් කථා කිරිමට සිදුවුණා. හමුදාපතිවරයා හරි පිළිතුරක් ලබා නොදුන්න හින්දා නැවත වතාවක් දුරකථනයෙන් කථා කළා. දෙවෙනි පාර කතා කළ විට හමුදාපතිවරයාට තරුණයාගේ තොරතුරු ලබා දුන්නා. ඒ අනුව 28 දහවල් තුන්වන පාර කතා කතා කරන විට තරුණයා තමා භාරයේ සිටින බව හමුදාපතිවරයා දැනුම් දුන්නා''

තමාට හා මිතුරාට අවශ්‍යව තිබුණේ දරුවා ජීවතුන් අතර සිටිනවා ද යන්න පිළිබඳ දැන ගැනීම පමණක් බවත් කියා සිටියා.

එහිදී කමිටු සමාජිකයින් ප්‍රශ්න කරමින් පවසා සිටියේ, “වසර එකහමාරකින් පස්සේ කථා කරනවා නම් තමයි හොඳ“ යනුවෙන් හමුදාපතිවරයා පවසා ඇති බවත් එවැන්නක් පැවසීමට තමා ඇසු ප්‍රශ්නය කුමක් ද යනුවෙනි.

එයට ඍජු පිළිතුරක් ලබා නොදුන් හිටපු අමාත්‍යවරයා, ජාතික ආරක්ෂාව වෙනුවෙන් සියලු දෙනා එක්ව කටයුතු කරමින් සිටින මොහොතක තමා එයට බාධා කිරීමට නොසිතු බවත් පැවසුවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu