gossiplanka alexa ''කාදිනල්තුමා අන්තවාදියි, ජාතිවාදියි. ඒකටත් කුඩුවෙන්න ගහන්න ඕන''-දඹර අමිල හිමි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''කාදිනල්තුමා අන්තවාදියි, ජාතිවාදියි. ඒකටත් කුඩුවෙන්න ගහන්න ඕන''-දඹර අමිල හිමි

සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (27) කොළඹදී පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක්වෙමින්  පූජ්‍ය දඹර අමිල හිමියන් බෞද්ධාගමික නායකයින් සහ කාදිනල්තුමා පිළිබඳ විවේචනයක් සිදු කලා. 

''මම දැක්කා සමහර තැන්වල කෙකරගගා මහානායක මූලස්ථානවලින් බෞද්ධ දර්ශනයේ මූලික ඉගැන්වීම් පසෙක ලා ඒවට පස්ස පැත්ත හරෝලා තමන් ඒ වෙනකොට වළඳපු දේවල් සහ අනාගතයේ වළඳන්නට ඉන්න දේවල් ඉලක්ක කරගෙන බුදු බණ කණ පිටට හරෝලා දැන දැනම තමන්ගේ ආත්මයට එරෙහිව, හෘද සාක්ෂියට එරෙහිව යම් යම් දේශනා සමාජගත කරන්න උත්සාහා කරලා තිබෙනවා. මම ඉල්ලන්න කැමතියි ජනතාවගෙන් ඒ ලණු කන්න එපා කියලා.

මහින්ද රාජපක්ෂ කියන්නේ හෝදන්න දෙයක් නෑ. අසාර්ථක පාලකයෙක්. කිසිම ඇතුළෙ දර්ශනයක් නැති පාලකයෙක්. රටක ආර්ථිකය සමෘද්ධිය කරා ගෙන යන්න අයන්න ආයන්නවත් දන්නෙ නැහැ. තිබිච්ච මල්ටි බැරල් ටිකේ උණ්ඩටික ගහලා සුද්ද කලා විතරයි. ඒ මල්ටි බැරල් ටිකත් කලින් ගෙනාපුවා. 

අසාර්ථක දේශපාලකයින්ගේ එකම අවිය වන්නේ ජාතිවාදය සහ ආගම්වාදයයි. අද මහින්ද රාජපක්ෂගෙ දකින්නේ ඒක තමයි. රතන හාමුදුරුවන්ගෙ, විමල්ලා, උදයගම්මන්පිලගෙ දකින්නේ ඒකයි. අස්ගිරියෙන් දකින්නෙ ඒකයි. කාදිනල් තුමාගෙනුත් සමහර වෙලාවට දකිනවා. 

මඩකලපුවේ පල්ලිය බලන්න කාදිනල් තුමාට යන්න සෑහෙන කාලයක් ගියා. තමන්ගේ ශෝකය ප්‍රකාශකරනකොට ඒ පල්ලිය මතක් වුණේ නැහැ. ක‍ටුවාපිටියයි, කොච්චිකඩෙයි විතරයි මතක් වුණේ. ඒත් අන්තවාදය, ඒත් ජාතිවාදය, ඒකට කුඩු වෙන්න ගහන්න ඕන''
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu