gossiplanka alexa අධික රුධිර වහනයෙන් මියගිය නැගණිය වෙනුවෙන් යුතුකම් ඉ‍ටුකර සිරබත් කෑ අවුරුදු 12 දරුවා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අධික රුධිර වහනයෙන් මියගිය නැගණිය වෙනුවෙන් යුතුකම් ඉ‍ටුකර සිරබත් කෑ අවුරුදු 12 දරුවා

ලෙබනන් ජාතික ඒ පුංචි කොලුව එයා ජීවත්වෙචිච මුලු අවුරැදු 12 ටම හිනාවෙචිචි බවක් අපි දැක්කෙ නෑ, ඒත් එයාට පොලිසියේදී හිනාවෙන්න සිද්ධවුනා '' සියාන් ඔයාට හිනාවෙන්න වෙනව සියාන් මොකද මේ පිංතූරෙ අපි ගන්නෙ ඔයාව කැනඩාවට යවන්න ඕන පාස්පෝටි එකට කොල්ලෝ ! ''

ලෙබනන් චිත්‍රපටි අධ්‍යක්ෂිකා ( Nadine Labaki ) නදිනී ලබාකි ගේ CAPERNUM 2018

'' වයස අවුරුදු 12 ක ඔබ දැනටමත් වසර 5 ක සිරදඩුවමක් ගෙවන කෙනෙක්. මේ අධිකරණයට ඔබ ඉදිරිපත් කරන චෝදනාව කාට එරෙහිවද සියාන් ? ''


'' මගේ අමිමටයි තාත්තටයි එරෙහිව ස්වාමිනී ''

'' මොකක්ද ඔබේ චෝදනාව ? ''

'' මාව මේ වගේ ලෝකයක බිහිකලාට එයාල වැරදි කාරයො කරන්න ''
ඔන්න ඔහොමයි චිත්‍රපටිය පටන් ගන්නේ . ඇයි මේ අවුරුදු 12 ක් වයසැති පුංචි දරුව වසර 05 සිර දඩුවමක් ගෙවන්නේ. ඉතින් අපි ඒ ඇයි කියල ඔබට කියන්න පටන් ගන්නව.

සියාන් අල් හාඡිලගෙ පවුල දුප්පත්කමේ පතුලට ගිලුණු ලක්ෂ ගණනක ලෙබනන් පවුල් වලින් එක් පවුලක්. එයාල ඉස්ලාම් භක්තිකයො වුනාට අපි අහල තියෙන අපි දැකල තියෙන ඉස්ලාම් ගැහැණිය හෝ මිනිහ ලෙබනනයේ ඒ බීරුටි නගරයේ නැහැ. ඒ වෙනුවට ඉන්නෙ හිස හෝ මුහුණ හිජාබයකින් පර්දාවකින් වහ නොගත්තු තොල් හා නිය වර්ණවත් කරපු දෙනෝදාහක් ජනයා මැද්දෙ සිගරටට් බොන ගැහැනියක් ඒ තමයි සියාන් ගෙ අම්මා. මොනතරමි දුප්පත් වුනත් නිතරම අරක්කු තොල ගාගත්තු බේබද්දෙක් තමයි සියාන්ගෙ තාත්තා.

එක පෙළට ළමයි හත් දෙනෙක් වදාපු පවුලක් ඒක. එක ළමයෙක්වත් ඉස්කොලෙ පලාතක යන්නෙ නෑ. ලෙබනන්වල පාසැල් නොමිලේ කන්න බොන්න දෙනව වුනත්. සියාන්ලගෙ පවුලම ජීවත් කරවන්නෙ ඒ දරු පැටවු ටික කඩවල්වලට වතුර ඇදල මහපාරෙ සරුවත් විකුණල . එහෙමත් නැත්නම් අම්මයි තාත්තයි එකතුවෙලා ළමයිව ෆාමසි වලට යවල මත් බෙහෙත් පෙති ගෙන්නගෙන ඒව ගෙවල් ගාව කොල්ලන්ට විකුණල. සියාන් ගොඩාක්ම ආදරේ කලේ එයාගෙ වයස 11 ක් වෙචිච නංගි සහාර්ට.

සහාර් වයස 11 දිම වැඩිවියට පත්වුනු බව ඉස්සෙල්ලම දැනගන්නෙ සියාන්. එයා දකිනව සරුවත් විකුණනකොට නංගිගෙ ගවුමෙ පිටිපස්සෙ ලොකු ලේ පැල්ලමක්. එයා නංගිව ටවුන් එකේ නානකාමරේකට ගෙනිහිල්ල නංගිගෙ යට ඇදුමම් හෝදල අන්දවල කියනව මේක අම්මල තාත්තලට කියන්න එපා කියල. මොකද සියාන් දන්නව ඊට පස්සෙ නංගිට අත්වෙන ඉරණම . ඒත් වැඩක් වුනේ නෑ දෙමවුපියො කලේ එයාලගෙ කුලී ගෙදර අයිතිකාරයට සහාර්ව බන්දල දීපු එක. මිනිහ වයස 35 ක විතර දැවැන්තයෙක්. සහාර් මිනිහගෙන් හතරෙන් එකක් වත් නැති පුංචි කෙට්ටු කෙල්ලක්. සියාන් මේ වැඩේට විරුද්ධව ගෙදර කැරලි ගහනව. ඒත් වැඩක් වෙන්නෙ නෑ අම්මයි තාත්තයි මේ අවුරුදු 12 කොල්ලට ගහල අර පුංචි කෙල්ලව මොටර් සයිකලයක පටවගෙන ගිහින් අර නසරානියට බාර දෙනව. හොදටම කලකිරිච්ච සියාන් ගෙදරින් පැනල යනව.

බීරුටි කියන්නෙ වයස 12 ක තියා වයස හතලිහක පනහක අතේ සතේ නැති පිරිමියෙකුටවත් තනියම ජීවත්වෙන්න පුලුවන් පරිසරයක් නෙවේ. ඒකෙ පොලිසි හිර ගෙවල් පිරිල තියෙන්නෙ අප්‍රිකා මහද්විපයෙන්, ආසියා මහද්වීපයෙන් රස්සා හොයාගෙන ආපු ගැනුන්ගෙනුයි පිරිමින්ගෙනුයි. ඒ පොලොව කුඩ්ඩන්ගෙ, සරණාගතයන්ගෙ ගණිකාවන්ගෙ සහ ලෙබනන් වලින් පැනල යුරෝපයට හරි ඇමෙරිකා එක්සත් ඡනපදයට හරි බෝටිටුවක නැගල තොලෙංචි වෙන්න බලන් හිටපු දහස් ගණන් මිනිසුන් ජීවත්වුනු නරාකාදියක්. නමුත් මාස ගාණක් කොල්ල දත් ගහගෙන මේ පරිසරයට හුරු වෙනව. දවසක් සියාන්ගෙ ඉරණම පාරෙ මල් විකුණන එයාගෙම වයසෙ කෙල්ලක් නිසා වෙනස් වෙනව.

'' මම බෝටිටුවක නැගල කැනඩාවට යන්න ඉන්නෙ ''

'' සල්ලි ? ''

අවුරුදු හතරක් මම මල් විකුණල ඉතුරුකරපු ඩොලර් 500 ක් තියෙනව. මම යනකොට මේ බිස්නස් එක ඔයාට බාර දිල යන්නම්කො. එහෙ අපිට කවුරුවත් ගහන්නෙ නෑ .මෙහේ මැස්සො මැරෙනව වගේ මිනිස්සු මැරුනට එහෙ එහෙම නෑලු සියාන්. සපත්තු දාගෙන තමයි ළමයි ඉස්කෝලෙ යන්නෙ. කවුරුවත් කාල ඉතුරුකරපු මස් කටුවක් බෙලෙක් පිගානක දාගෙන කන්න ඔන නෑ සියාන්. ලස්සන වීදුරු පිගානක නියමෙට රෝස් කරපු කුකුල් මස් කන්න පුලුවන් මට . බලන්න මට ඒක කියනකොටත් කෙල උනනව ''
.
අපි ඔයාලට කියන්නෙ නෑ මේ පුංචි කොල්ලත් කොහොමද කැනඩාවට යන්න සල්ලි හොයාගත්තෙ කියල. ඒත් එයාට ආපහු තමන්ගෙ ගෙදරට යන්න වුනා ඒකට අවශ්‍ය ලියකියවිලි ගේන්න. එතකොට තමයි එයා දැනගන්නෙ තමන්ගෙ ආදරනීය නංගි අධික රුධිර වහනය නිසා ඉස්පිරිතාල මැරිචිච විත්තිය.සියල්ල අමතක වුනු වේදනාවෙන් කම්පිත වුනු පුංචි සියාන් කුස්සියේ තිබුණු පිහිය අතට අරන් දුවල දුවල ගිහින් තමන්ගෙ නංගිව ගෙදරින් අරන්ගිය කඩකාරයට පිහියෙන් අනිනව. අන්න එහෙමයි එයා අවුරුදු 05 සිර දඩුවමක් විදින්නෙ. එදා තමන්ව මමේ ලෝකෙට බිහිකරපු අම්මටයි තාත්තටයි විරුද්ධව කරුනු කාරනා උසාවියට කිව්වෙ ඒ පුංචි කොල්ල මෙහෙමයි .

'' මට ඕන ස්වාමිනී එයාල තවත් මේ ලෝකෙට දරුවන් බිහිකරන එක නවත්වන්නයි. ළමයින්ට කන්න බොන්න දෙන්න බැරි දෙමවුපියො දරුවො හදන්න නරකයි. මගේ ජීවිතේට මට මතක දේවල් තියෙන්නෙ ටිකයි. ඒව තමයි . පොඩ්ඩ වැරදුනාම අවජාතකයා කියල අහන එක. කවුරු හරි මිනිහෙක් ඉනට දාන පටියකින් පයිප්පෙකි්න් හරි දම්වැලකින් මට ගහපු එක. මම අහල තියෙන කරුණාවන්තම වචනෙ තමයි '' වේසිගෙ පුතා තෝ මකබෑවෙයන් '' ඔවු ස්වාමීනී මේ ජීවිතේ මට උහුලගන්න බැරිතරමි ජරා ගොඩක් මාව ගදගහනව මාසෙකෙට සැරයක් වත් මට නාන්න නෑ මොකද. වතුරවලට ගෙවන්න මට සල්ලි නෑ . මම ජීවත්වෙන්නෙ අපායක. රෝස් කරපු මස් කෑල්ලක් වගේ මාව හැමදාම පිචිචෙනව. මේ ජීවිතේ පාරෙ යන බල්ලෙකුටත් අන්තයි ස්වාමිනි

මගේ අමිම මහ ජරා ගොඩක් ස්වාමිනී. එයා දවසක් මාව බලන්න හිර ගෙදරට ඇවිල්ල කියනව '' පුතේ සියාන් නංගි මැරුණට දුක්වෙන්න එපා මට තව නංගියෙක් හමිබුවෙන්නයි ඉන්නෙ'' මම කිව්ව උතුමානෙනි එයාට '' ඔවු ඔයාට පුලුයන් එතකොට එයාවත් විකුනන් කන්න 

''ඒත් මම හිතුව අපිත් කවදහරි හොද මිනිස්සු වෙයි කියල. අපිත් ආදරේ ලබන මිනිස්සු වෙයි කියල. ඒත් අපිට එහෙම කරන්න දෙවියන් වහන්සේට වුවමනාවක් නෑ. එයාට ඔන හැමදාමත් අපිව අනිත් මිනිස්සුන්ගෙ පයට පෑගෙන දුවිලිවලම තියන්නයි. මගේ අමිමට දැන් ලැබෙන්න ඉන්න නංගිටත් වෙන්නෙ ඒ වගේ ජීවිතයක් ගත කරන්නයි. නැත්නම් මගේ ඉස්සෙල්ල නංගිට වුනා වගේ ලේ ගිහිල්ල මැරෙන්නයි. ඒක නිසා එයාලට මේ ලෝකෙට දරුවො බිහිකරන එක නවත්තන්නයි උතුමාණෙනි මට ඕන.

උපුටා ගැනිමකි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu