gossiplanka alexa දකුණු අප්‍රිකාව සමඟ තරඟය ජය ගැනිමට සංගා ලංකා පිතිකරණ පුහුණුකරුට කියූ දේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දකුණු අප්‍රිකාව සමඟ තරඟය ජය ගැනිමට සංගා ලංකා පිතිකරණ පුහුණුකරුට කියූ දේ

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු බෙන් ලුවිස් ඩුරාම්හි Chester-le-Street දී පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුු සැසියකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදු කලා. ඔහු එහිදී පැවසුවේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟ කිහිපයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් සිදු කරන ලද වැරදි පසුගිය තරඟ දෙකේදී නිවැරදි කර ගැනීමට හැකියාව ලැබීම නිසා දකුණු අප්‍රිකාව සමඟින් අද (28) පැවැත්වෙන තරඟය ජයගත හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බවයි. 

“මේ අවස්ථාව වන විට අප ඉතා හොඳ මට්ටමක ඉන්නවා. පසුගිය ඉනිම් දෙකේදී අපගේ මුල්පෙළ පිතිකරුවන් 5 දෙනා ලකුණු 40ට වඩා වාර්තා කරගත්තා. එය ඉතා හොඳ තත්ත්වයක්. තරගාවලිය ආරම්භයේදී එම ශක්තිය අපට තිබුණේ නැහැ. එමෙන්ම ලීඩ්ස්හිදී ඔවුන් ක්‍රීඩා කළ ආකාරය මඟින් කණ්ඩායමේ ආත්ම විශ්වාසය වැඩි දියුණු වුණා. එය මෙම තරගයේදී යහපත් ලෙසින් බලපානු ඇති බව මට විශ්වාසයි. එංගලන්තයට එරෙහිව තරගයේදී අපේ පිතිකරුවන් තණතීරුවේ ස්වභාවයට ඉතා ඉක්මනින් අනුගත වුණා. එමෙන්ම එවැනි අසීරු තණතීරුවක පවා අවිශ්ක ප්‍රදර්ශනය කළ දක්‍ෂතාව අද්විතීයයි. කෙසේ වෙතත් සෑම තරගයකම සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට නම් මුල්පෙළේ පිතිකරුවන් දෙදෙනකුවත් අනිවාර්යයෙන් පන්දු 100ක් ක්‍රීඩා කළ යුතු බව මගේ අදහසයි”

තවද දකුණු අප්‍රිකාවේදී ඔවුන්ගේ පන්දු යවන්නන්ට මුහුණදීමට වඩා එංගලන්තය තුළ එහි වෙනසක් තමා දකින බවද පවසා ඇති බෙන් ලුවිස් “දකුණු අප්‍රිකානු තණතීරුවල වේගපන්දු යවන්නන්ට නව පන්දුවෙන් විශාල වාසියක් ලැබෙනවා. ඒත් මෙහි (එංගලන්තයේ) තණතීරුවල යම් තරමක දෝලනයක් තිබුණත් විශාල වේගයක් දැකගන්නට නැහැ” යනුවෙන්ද පවසනවා.

මේ අතර එංගලන්තයේ කවුන්ටි ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර සමඟ කටයුතු කිරීමට අවස්ථාව හිමි වීම මඟින් තමන්ට බොහෝදේ ඉගෙන ගැනීමට හැකිවූ බවද ඔහු මෙසේ කියා සිටියා.

“ඔහු (සංගක්කාර) අති දක්ෂයෙක්. මට ඉතා කෙටි කාලයක් පමණයි ඔහුව ඇසුරු කිරීමේ අවස්ථාව හිමි වුණේ. එහිදී ඔහු පිතිකරණය සම්බන්ධයෙන් කතා කළේ ඉතා ස්වල්පයක් වුවත් එමඟින් මට බොහෝදේ ඉගෙන ගැනීමේ අවස්ථාව හිමිවුණා. එංගලන්ත තණතීරුවල ‘ඩියුක්’ පන්දුවෙන් ක්‍රීඩා කිරීම විශාල අභියෝගයක්. පිතිකරණ ලැයිස්තුවේ මුල්පෙළ ක්‍රීඩකයකු වශයෙන් එම අභියෝගයට සාර්ථකව මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් අප අවස්ථා කිහිපයක ඔහු (සංගක්කාර) සමඟ කතා කළා. එමඟින් වැදගත් කරුණු විශාල සංඛ්‍යාවක් දැනගැනීමට අපට හැකි වුණා”

  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu