gossiplanka alexa අපේ සිංහ පැටව් ලබාගත් කිසිවෙකුට කිසිදින බිඳ හෙළිය නොහැකි ක්‍රිකට් වාර්තා - Sri Lanka Cricket Recorde

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අපේ සිංහ පැටව් ලබාගත් කිසිවෙකුට කිසිදින බිඳ හෙළිය නොහැකි ක්‍රිකට් වාර්තා - Sri Lanka Cricket Recorde

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෑම අතින්ම ඉහළ දස්කම් දැක් වූ කණ්ඩායමක්. බොහෝ විට ප්‍රතිවාදීන් නොසිතන මොහොතක ඔවුන්ව සුණු විසුණු කිරීමට අපේ කණ්ඩායමට තියෙන්නෙ පුදුමාකාර හැකියාවක්. 90 දශකයෙන් පමණ ඇරඹි ශ්‍රී ලාංකීය ක්‍රිකට් ස්වර්ණමය යුගය අදටත් ක්‍රිකට් ලෝලීන් අතර නොමැකී පවතිනවා.

මෙම කාලය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රිකට් තරු ලෝක වාර්තා පොත තුළ තම නාමයන් නිතර සටහන් කර ගත්තා. ඒවායින් කිහිපයක් කිසිදා කිසිවෙකුට බිඳ හෙලිය නොහැකි ඒවා වුණා. මේ කියන්න යන්නෙ ඒ වගේ වාර්තා කිහිපයක් ගැන.

01. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලද ඉහළම ලකුණු ප්‍රමාණය හිමිවන්නේ ලංකා කණ්ඩායමටයි. ඒ 1997 දි ඉන්දියාවට එරෙහිව පැවති ටෙස්ට් තරඟයක දි කඩුළු 6ක් පමණක් දැවී දැවැන්ත ලකුණු 952ක් ලකුණු පුවරුවෙ සටහන් කලා. තවමත් මේ වාර්තාව කිසිවෙකුට පසුකර යාමට හැකි වී නැහැ.

02. එක්දින හා ටෙස්ට් කියන ජාත්‍යන්තර තරඟ රටා දෙකේ දිම ලොව වැඩිම කඩුළු ප්‍රමානයක් ලබා ගත් ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ය. එක්දින තරඟ 350කට සහභාගී වෙමින් කඩුළු 534ක් හා ටෙස්ට් තරඟ 133කට සහභාගී වෙමින් කඩුළු 800ක් ලබා ගැනීමට ඔහු සමත් වුණා.

03. එක්දින තරඟයකදී හොඳම පන්දු යැවීමේ වාර්තාව හිමිවන්නේ චමින්ද වාස්ටය. 2001වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තරඟයේ දී ලකුණු 19කට කඩුළු 8ක් ඔහු දවා ගත්තා. සිම්බාබ්වේ කණ්ඩායමේ සියළු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 38යි.

04. ටෙස්ට් පිටියේ ඕනෑම කඩුල්ලක් සඳහා හොඳම සම්බන්ධතාව වාර්තා කර තිබෙන්නේ කුමාර සංගක්කාර සශ මහේල ජයවර්ධනයි. 2006 වසරේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දෙවෙනි කඩුල්ල  සඳහා ලකුණු 624ක සම්බන්ධතාවාක් ගොඩනඟා ගත්තා. 

05. තරඟයක ප්‍රථම ඕවරයේ ප්‍රථම පන්දු තුනට කඩුළු ත්‍රිත්වයක් ලබා ගැනීම සමාන්‍ය පන්දු යවන්නෙකුටනම් කළ නොහැක්කක්. ලංකාවේ සුපිරි වේග පන්දුයවන චමින්ද වාස් මෙම වාර්තාවට හිමිකම් කියනවා. ඒ 2003 වසරෙර් එක්දින ලෝක කුසලාන තරඟයේ දී බංගලාදේශ කණ්ඩායමට එරෙහිව. 

06. ලෝක කුසලාන තරඟයකදී පිට පිට වැඩිම ශතක ගණනක් ලබාගෙන ඇත්තේ කුමාර සංගක්කාරයි. ඒ පිට පිට තරඟ 4ක දී ශතක 4ක් ‍රැස් කරමින්. බංගලාදේශයට එරෙහිව ලකුණු 104ක්, එංගලන්තයට එරෙහිව ලකුණු 117ක්, ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 104ක් සහ ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 124ක් ලබාගනිමින් ඔහු මෙම වාර්තාව පිහිටෙව්වා. 

07. ලොව හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සනත් ජයසූරිය වාර්තා පොතට එක්වනවා. පිත්තෙන් ලකුනු 13,430ක් ද පන්දුවෙන් කඩුළු 323ක් ද උඩපන්දු 100කට වඩා වැඩි ප්‍රමාණයක් සු‍රැකිව ‍රැක ගනිමින් ද ඔහු මෙම වාර්තාව තබා තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu