gossiplanka alexa සුළි කුණා‍ටුවලට නම් යෙදීමට මෙන්න ඔබට කදිම අවස්ථාවක්, කොන්දේසි සහිතයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුළි කුණා‍ටුවලට නම් යෙදීමට මෙන්න ඔබට කදිම අවස්ථාවක්, කොන්දේසි සහිතයි


තුරු ඉන්දීය සාගරයේ හට ගන්නා සුළි කුණාටුවලට නම් යෙදීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් නම් යෝජනා කැඳවීමක් කර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එයට අදාළ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ. 

නම් යෙදීම සඳහා පහත කරුණු සැලකිල්ලට ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. 


1.යම් දේශපලාන, දේශපාලන චරිත, ආගමික විශ්වාස, සංස්කෘතික වැනි දෑ ඉලක්ක නොකළ යුතු අතර ඒවාට හානි කර නොවිය යුතුයි.

2.ස්ත්‍රී/පුරුෂ විශේෂත්වයක් නොමැත.

3. ලෝකයේ ඇති කුමන හෝ ජන කොටසකගේ මනෝභාවයන්ට හානි නොවිය යුතුයි.

4.රළු හෝ කෘර හෝ ස්වභාවයක් නොගත යුතුය.

5.උච්චාරණයේ දී පහසු විය යුතු අතර, එම නම් ඉංග්‍රීසි බසින් ලිවිමේ දී උපරිම අකුරු 8 කට සීමා විය යුතුයි.

යෝජිත නම් 2019 ජූනි මස 15 වන දිනට පෙර අධ්‍යක්ෂ ජනරාල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධාලෝක මාවත, කොළඹ 7 යන ලිපිනයට යොමු කල යුතු වනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu