gossiplanka alexa ශ්‍රී ලංකාව සහ පකිස්තානය ක්‍රිකට් ලෝක කුසලානය අවසන් වටයට???

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාව සහ පකිස්තානය ක්‍රිකට් ලෝක කුසලානය අවසන් වටයට???

ලෝක කුසලානයේ මුල් අවධියේ පළ කල සියළුම අනාවැකි කණපිට හැරවුණේ ශ්‍රී ලංකාව ප්‍රභල එංගලන්ත පිල පරාජය කිරීමත් සමඟ. ශ්‍රී ලංකාපිල ක්‍රීඩා කරන ආකාරය කෙසේ වේ දැයි අනාවැකි පල කල නොහැකි බව එම තරඟයෙන් පසු බොහෝ දෙනා පිළිගත් මතයක්. කෙසේ වෙතත් සමජ මාධ්‍ය හරහා මේ වන විට උණුසුම් ප්‍රවෘතිය වී ඇත්තේ අර්ධ අවසන් වටයට තරඟ කරන කණ්ඩායම් සහ අවසන් වටයට සුදුකම් ලබන කණ්ඩායම් මොනවාද කියාය. නොයෙක් දෙනා නොයෙක් අදහස් පළ කර තිබෙන අතර ලංකාව අවසන් වටයට තේරීමට නම් විය යුතු දේ දැක්වෙන කතාබහක්ද දකින්නට ලැබුණා.

ඒ මෙසේය,

ශ්‍රී ලංකාව හා පාකිස්තානය යන දෙරටටම අවසන් පූර්ව වටයට ආ හැකි ආකාරය

1. දෙරටම තමන්ට ඉතිරි වී ඇති තරඟ 3 ම දිනිය යුතුය එවිට පිළිවෙලින් ශ්‍රී ලංකාවට ලකුණු 12 ක් ද පාකිස්තානයට ලකුණු 11ක් ද හිමි වේ.

2. එංගලන්තය ඕස්ට්‍රේලියාවට එරෙහිව ජයග්‍රහණය වාර්තා කොට, ඉතිරි තරඟ 2ම පරාජය විය යුතු අතර, ඕස්ට්‍රේලියාව නවසීලන්තය හා දකුණු අප්‍රිකාව හමුවේ පරාජය විය යුතුය. එවිට දෙරටටම ලැබෙන ප්‍රසාද ලකුණු ගණන 10 බැගින් වනු ඇත.

3. ඉන්දියාව ශ්‍රී ලංකා තරඟය පමණක් පරාජය විය යුතු අතර, නවසීලන්තය පාකිස්තානයට පමණක් පරාජය විය යුතුය.

මේ අනුව ලකුණු සටහන පහත පරිදි වේ

1. ඉන්දියාව - ලකුණු 15

2. නවසීලන්තය - ලකුණු 15

3. ශ්‍රී ලංකාව- ලකුණු 12

4. පාකිස්තානය - ලකුණු 11

5. එංගලන්තය -ලකුණු 10

6. ඕස්ට්‍රේලියාව - ලකුණු 10

මේ අනුව පළමු අවසන් පූර්ව තරඟය ඉන්දියාව හා පාකිස්තානය අතරත්, දෙවන පූර්ව තරඟය නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතරත් පැවැත්විය හැකි වනු ඇත.

ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලානයකදී පාකිස්තනය ඉන්දියාව පරාජය කළහොත් ඔවුන් අවසන් තරඟයට මුහුණදෙනු ඇති අතර, නවසීලන්තය ශ්‍රී ලංකාව විසින් පරාජය කළහොත් අවසන් තරඟය පැවැත්වෙනු ඇත්තේ ලෝක කුසලානයට තෝරාගැනීම සිදු කරද්දී අංක 7 හා 8 සිටි පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතරයි.

ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත යැයි කියන්නේ එබැවිනි. මෙවැනි දෙයක් සිදුවන්නට සෛද්ධාන්තිකව බැරි යැයි කිව හැක්කේ කාටද?
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu