gossiplanka alexa ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කිසිදු සම්බාධකයක් පනවා නොමැති බවයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ICC සම්බාධක පැනවීමට තීරණය කර ඇති බවට විවිධ මාධ්‍ය වාර්තා පළ කිරීම නිසා මෙම නිවේදනය් නිකුත් කල බවයි එම ආයතනය පවසා සිටින්නේ.මෙලෙස විවිධ මාධ්‍ය වාර්තා පළවීමට හේතු වූයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග පැවැති තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් කිසිදු ක්‍රීඩකයෙකු හෝ නිලධාරියෙකු සහභාගි නොවීමයි.

මෙම සිදුවීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලෝක කුසලාන තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන නවාතැන්, ප්‍රවාහන පහසුකම් ආදිය නිසි ප්‍රමිතීන්ට අනුකූල නොවන බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට නිල වශයෙන් පැමිණිල්ලක්ද සිදු කළා. එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය සඳහන් කළේ සියලූ කණ්ඩායම්වලට සමාන පහසුකම් ලබාදී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu