gossiplanka alexa වෛද්‍ය සා‍ෆි නිර්වින්දන වෛද්‍යවරියට මරණ තරජනය කරලා, නියපොතු වලින් තදකර පැලෝපීය නාල අවහිර කිරීම ගැන සැකයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෛද්‍ය සා‍ෆි නිර්වින්දන වෛද්‍යවරියට මරණ තරජනය කරලා, නියපොතු වලින් තදකර පැලෝපීය නාල අවහිර කිරීම ගැන සැකයක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි, සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වන්ද්‍යකරණයට ලක්කර ඇතැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සංඛ්‍යානමය පරීක්ෂණයක් සිදු කිරීමට අවධානය යොමුව තිබෙනවා. එම වෛද්‍යවරයාට එරෙහිව  ඊයේ (17) දිනය වනවිට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා තිබුණා. ඉන් පැමිණිලි 839ක් ලැබී ඇත්තේ කුරුණෑගල රෝහලටයි. දඹුල්ල රෝහලට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 164ක්. ඒ අනුව වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 1003ක්. 


සැකකාර වෛද්‍යවරයා පැලෝපීය නාල කපා සැත්කම් සිදුකර ඇති බවට මෙතෙක් තහවුරු වී නැහැ. ඒ අනුව දැනට සැක කෙරෙන්නේ ඔහු සිසේරියන් සැත්කම් අතරතුර අත් ආවරණ සහිතව නියපොතු මාර්ගයෙන් පැලෝපීය නාල තදකර රුධිර සංසරණය අවහිර කර මව්වරුන් වන්ද්‍යකරණයට ලක්කර ඇති බවයි. 

2007-2013 කාලයේදී සහ 2017න් පසු යළි ඔහු සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව ඔහු විසින් සිසේරියන් සැත්කම් සිදුකළ මව්වරුන් 3900ක් ඊයේ දිනය වනවිට හඳුනාගෙන ඇති බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු පැවසුවේ. එම මව්වරුන් 3900 දෙනාගෙන් 690 දෙනෙකු මුස්ලිම් මව්වරුන්. වෛද්‍යවරයා එම මව්වරුන්ට සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු දරුවන් ලැබී ඇත්දැයි යන්න පිළිබඳ එහිදී ප්‍රතිශතයක් වශයෙන් සලකා බලනු ඇති. කෙසේවෙතත් අදාල මුස්ලිම් මව්වරුන් වන්ද්‍යකරණයට ලක් කිරීමක් සිදුකර නොමැති බවද වාර්තා වනවා. 

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය ඒකක 3ක් පවතින අතර ඒවා ඒ, බී, සී (A,B,C) ලෙස වෙන්කර තිබෙනවා. වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි කටයුතු කර ඇත්තේ සී (C) ලෙස නම්කර තිබූ වෛද්‍ය ඒකකයේයි. එහෙත් ඔහු අනෙක් ඒකකවල කටයුතු සදහාද මැදිහත් වී ඇති බව වාර්තා වුණා. එය නීති විරෝධි කටයුත්තක් බවයි හෙලිවී ඇත්තේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ එවකට නිර්වින්දන වෛද්‍යවරිය විසින්, කිසිදු මවකට පූර්ව දැනුම් දීමකින් තොරව එල්. ආර්. ටී. (LRT) සැත්කම් සිදු නොකරන ලෙස වෛද්‍ය කාර්ය මණ්ඩලයට දැනුම්  දී තිබූ බව ද වාර්තා වුණා. එම දැනුම් දීමෙන් පසුව සැකකාර සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි වෛද්‍යවරයා විසින් අදාළ නිර්වින්දන වෛද්‍යවරියට තර්ජනය කර ඇතැයි සඳහන්. රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ නිර්වින්දන වෛද්‍යවරිය මරා දමන බවයි. එම කාලයේදී ඔවුන් ඒ සම්බන්ධයෙන් රෝහල් පාලන අධිකාරියට වාචිකව පැමිණිලි කර තිබෙනවා. මේ වනවිට මතුව ඇති තත්ත්වයත් සමග රෝහල් කාර්ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් පාලන අධිකාරියට ලිඛිතවද පැමිණිලි කර ඇති බවයි  වාර්තා වුණේ. 

 මේ අතර වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නිවැරදි බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ 69 දෙනෙකු ප‍්‍රකාශ කර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවද කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රකාශකයෙකු තහවුරු කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu