gossiplanka alexa පොතුවිල් මුහුදු මහා විහාරයේ චෛත්‍යය අවධානමක - සෝදිසි මෙහෙයුම් සිදු කරන්නැයි විහාරාධිපතිගෙන් ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොතුවිල් මුහුදු මහා විහාරයේ චෛත්‍යය අවධානමක - සෝදිසි මෙහෙයුම් සිදු කරන්නැයි විහාරාධිපතිගෙන් ඉල්ලීමක්

පොතුවිල් මුහුදු මහා විහාරය ආශි‍්‍රත මාර්ග කිහිපයකට අරාබි නම් යොදා ඇතැයි පොතුවිල් මුහුදු මහා විහාරයේ විහාරාධිපති, නැගෙනහිර පළාතේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය වරකාපොල ඉන්දසිරි හිමියන් චෝදනා කරනවා.

මුහුදු මහා විහාරයේ පැරණි මාර්ගයටද අරාබි නමක් යොදා ඇති බවයි උන්වහන්සේ පැවසුවේ.

"මුහුදු මහා විහාරයේ පරණ පාරටත් මේ වන විට අරාබි නම් දාලා තියෙනවා. මං හිතන්නේ මේ අය මේක අරාබියක් කරන්න තමයි හදන්නේ. බලධාරීන් විශේෂයෙන්ම පොතුවිල් ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඒ වගේම සභාවේ ඉන්න සියළු මන්ත්‍රීවරුන් සියළු දෙනා එකතුවෙලා තමයි මේ කටයුතු කරන්නේ. අපි බලධාරීන්ට විවිධ ආකාරයෙන් දැනුවත් කිරීම කරලා තියනවා. මම යෝජනාවක් වශයෙන් කරනවා. මේ ලංකාවට අරාබි පාරවල් අවශ්‍ය නැහැ. අරාබි නීතිය ලංකාවට අවශ්‍ය නැහැ. ඒ නිසා මේ දේශය අවදි කල දේශයට පණ දුන්නු රණවිරුවන් ගෙ නම් දාලා හරි මේ පාරවල් නම් කලාට කමක් නැහැ. අපි මේ දේශයේ පය ගහලා ඉන්නේ දේශයෙ හුස්ම ගන්නෙ මේ රණවිරුවො නිසා කියලා සිහිපත් කරන්න ඕන"

වහබ්වාදී සහ අන්තවාදී සංවිධානවලට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුද පොතුවිල් මුහුදු මහා විහාරය ආශි‍්‍රත ප‍්‍රදේශයේ සිටින බවයි උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

"සූක්ෂම විදියට මේ අය චෛත්‍යයට එහා පැත්තේ වැලි ජාවාරමක් කරනවා. මේක නතරවෙලා නැහැ. චෛත්‍ය බිඳ දාන්න සූදානමක් තියනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම මෙහෙ ඉන්නවනෙ ජාතිවාදී නායකයො. මේවාට උඩගෙඩි දෙන මේවාට සහාය දෙන වහාබ්වාදී සංවිධාන මෙහෙ තියනවා. මේවා අල්ලගත්තේ නැති වුණාට මේවා වහගෙන ඉන්නේ. අපේ අය මේ ගැනත් සෝදිසි මෙහෙයුමක් කරන්න ඕන. අපේ පුරාවස්තු ගොඩක් තියෙන්නෙ පොතුවිල් වල. මේවා ආරක්ෂා කර ගැනීම අපි හැමදෙනාගෙම ජාතික යුතුකමක් විදියට හිතන්න කියලා බොහොම කාරුණිකව ඉල්ලනවා"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu