gossiplanka alexa පාර්ලිමේන්තුවට රුපියල් මිලියන 110ක් වටිනා ආරක්ෂක කැමරා පද්ධතියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුවට රුපියල් මිලියන 110ක් වටිනා ආරක්ෂක කැමරා පද්ධතියක්

පාර්ලිමේන්තුවට පැමිණෙන සහ පිටවන මෙන්ම නවතා ඇති රථ වාහනවල අංක පවා පැහැදිලිව හඳුනා ගත හැකි වන පරිදි පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 110ක්. පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂක කැමරා පද්ධතිය වසර 10ක් පැරණි බවත්, මෙම නවීන ආරක්ෂක කැමරා පද්ධතිය නූතන තාක්ෂණය සහිතව නිර්මාණය කර ඇති බවත් වාර්ත වනවා.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසා සිටින්නේ  ඊට අදාළ කටයුතු පෞද්ගලික ආයතනයක් හරහා මේ වන විටත් සිදුකරමින් පවතින බවයි.

මෙම කැමරා පද්ධතිය මඟින් පාර්ලිමේන්තුවට යන එන පුද්ගලයින්ගේ මුහුණු ද නිසි පරිදි හදුනාගත හැකි වනු ඇති. මෙම නව ආරක්ෂක කැමරා පද්ධතිය ලබන ඔක්තෝම්බර් මාසය වන විට සක්‍රිය කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu