gossiplanka alexa සිංහල තරුණයෙකු හා විවාහ වූ මුස්ලිම් තරුණියට ශරියා නීතිය???

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිංහල තරුණයෙකු හා විවාහ වූ මුස්ලිම් තරුණියට ශරියා නීතිය???

සුගිය 20 වැනිදා බණ්ඩාරගම පොලීසිය විසින් ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් 6 දෙනෙකු අත් අඩංගුවට ගත්තා.

ඒ බණ්ඩාරගම ප්‍රදේශයේ සිංහල ජාතික පුද්ගලයෙකු හා විවාහ වී සිටින මුස්ලිම් කාන්තාවකගේ නිවසට "බලහත්කාරයෙන් පැමිණ ලිංගික හිරිහැර හා නිවසට දැඩි අලාභ හානි සිදුකරමින් තර්ජනය කිරීම් හා බියවැද්දවිම" යන චෝදනා මත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස තමන්ට ෂරියා නීතිය යටතේ වද දී ඇඳුම් ඉරා සෙනග පිරුණු පාරේ ඇදගෙන ගිය බවයි ඇය පවසන්නේ. එසේම සිංහල ජාතික පුද්ගලයෙකු සමග විවාහ වූ බැවින් දිගින් දිගටම තමාට ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ පිරිස්වලින් බලපෑම් එල්ල වූ බවද ඇය සඳහන් කරනවා.

මේ සම්බන්දයෙන් 2019 මාර්තු මස 03 වන දින CIB 2 22/327, මාර්තු මස 25 වෙනිදා දින CIB 128/19, මාර්තු මස 26 වෙනිදා CIB 3 162/146, ,මාර්තු මස 30 වෙනිදා CIB 1 340/358 සහ මාර්තු 29 දින CIB 2 21/324 දරණ පැමිණිලි බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත තමන් ඉදිරිපත් කළ බවද ඇය ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කරන්නේ මෙම පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කර නොමැති බවයි. මේ  අතර මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් තවමත් පොලීසිය අත්අඩංගුවට ගෙන නොමැති බවත්, තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බවත් බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර අධිකරණය නියෝග කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu