gossiplanka alexa රට රටවල් අනුව වෙනස්කම් කිරීම අසාධරණයි - සංගාගෙන් අයි.සී.සීයට අප්‍රසාදය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රට රටවල් අනුව වෙනස්කම් කිරීම අසාධරණයි - සංගාගෙන් අයි.සී.සීයට අප්‍රසාදය


ශ්‍රි ලංකා හිටපු නායක සහ ක්‍රිකට් විචාරක කුමාර් සංගක්කාර 2019 ක්‍රිකට් ලෝක කුසලානයට ලබා දුන් තණතීලී  විවේචනයට ලක් කර තිබෙනවා.

ඒ අයි.සී.සීය විසින් එක් එක් කණ්ඩායම් සදහා වෙනස් තනතීරූ ලබා දීම සම්බන්ධයෙන්. සංගා මේ පිළිබඳ සිය අප‍්‍රසාදය පළකර සිටියේ ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පතට අදහස් දක්වමින්.

තරගාවලියේදි එක් එක් කණ්ඩායම් සඳහා වෙන වෙනම කොළ පැහැති සහ දුඹුරු පැහැති තණතීරු ලබා දීම පිළිබඳ සංගක්කාර සිය දැඩි අප‍්‍රසාදය පළ කරමින්   කියා සිටියේ "මේක ජාත්‍යන්තර කි‍්‍රකට් තරගාවලියක්.  එම නිසා හැම කණ්ඩායමකටම එක වගේ සමානාත්මතාව ලබා දෙන්න ඕනේ. එහෙම බලද්දි සමහර කණ්ඩායම් සඳහා ලැබුණු තණතීරු පිළිබඳ සතුටු වෙන්න බැහැ" යනුවෙන්. 

එසේම මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා තරග වැඩි ප‍්‍රමාණයක් වර්ෂාව හේතුවෙන් නතර කර දැමීමට සිදුවීම මෙන්ම එංගලන්ත ක්‍රීඩා පිටි සම්පූර්ණයෙන්ම ආවරණය නොකිරීම පිළිබඳවද සංගා එහි දී අදහස් දක්වා තිබෙනවා. 

" ඔවුන් ශ්‍රී ලංකාවේ මෙන් ක්‍රීඩා පිටි සම්පූර්ණයෙන්ම ආවරණය කළ යුතුයි, ඒ සඳහා විශාල පිරිස් බලයක් අවශ්‍ය වූවත් එමගින් තරග අත්හැර දැමීම වළක්වා ගත හැකියි. මෝසම් වැසි සමයේ පවා ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නේ එම තාක්ෂණය හේතුවෙන්" යනුවෙන් ඔහු පවසා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu