gossiplanka alexa අවුරුදු 20ක ලෝක කුසලාන වාර්තාව සිංහයින් ‍රැකගනියි, විශේෂ අවස්ථා නරඹන්න (PHOTO / VIDEO)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අවුරුදු 20ක ලෝක කුසලාන වාර්තාව සිංහයින් ‍රැකගනියි, විශේෂ අවස්ථා නරඹන්න (PHOTO / VIDEO)

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පුරා දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තබා තිබෙන වාර්තාව නොබිදව පවත්වා ගෙන යාමට ශ්‍රි ලංකා කණ්ඩායම ඊයේ (21) සමත් වුණා. ඒ 1999 වර්ෂයේ සිට ලෝක කුසලාන තරඟාවලියකදී ශ්‍රී ලංකාවට එරෙහිව තරගයක් ජයගැනීමට ඔවුන් ගත් උත්සාහය සාර්ථක කර ගැනීමට අපොහොසත් වෙමින්.

ඊයේ  එංගලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 20ක ජයක් හිමිකර ගනිමින් ශ්‍රි ලංකා කණ්ඩායම ලැබු පෙරළිකාර ජයත් ලබාගත්තා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී වේගවත් පිතිහරඹයක යෙදුනු කණ්ඩායමක් ලෙස නම් දරා සිටින එංගලන්ත පිතිකරුවන්ට සුපුරුදු පහරවල් කරා යාමට ඉඩනොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔවුන්ට දැඩි පීඩනයක් ගෙන දෙමින් පන්දු යැවීම ඊයේ තරගයේදී කැපී පෙනෙන සිදුවීමක් වුණා. 

සිය ලෝක කුසලාන තරග ඉතිහාසයේ 50 වන කඩුල්ල ලෙස ජෝ රූට් දවා ගනිමින් ඊයේ ලසිත් මාලිංග ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරතවුණා. 

නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන සහ තිසර පෙරේරා ඊයේ තරගය පුරාවට මනා සංයමයකින් යුතුව පන්දු යැවු අතර පා දඟ පන්දු යවන්නෙක් ලෙස කණ්ඩායමට එක්ව සිටින ජීවන් මෙන්ඩිස් ඔහුට ලබාදී ඇති අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනයක් ගන්නා අයුරු දක්නට නොලැබීම කණ්ඩායමේ සංයුතියට ප්‍රබල ගැටළුවක්ව පවතින බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

තරගයේ විශේෂ අවස්ථා පහත ඇති ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් නැරඹීමට හැකියි:

https://www.cricketworldcup.com/video/1252793/cwc19-eng-v-sl-match-highlights-









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu