gossiplanka alexa "මිනී මැරුවට මුකුත් කරන්නෙ නැති එක ලංකාවේ සංස්කෘතියේ කොටසක් වෙලා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ හරියට පරීක්ෂණ හරියට කෙරෙයිද කියලා අපි දන්නෙත් නැහැ" - අති උතුම් කාදිනල්තුමා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මිනී මැරුවට මුකුත් කරන්නෙ නැති එක ලංකාවේ සංස්කෘතියේ කොටසක් වෙලා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ හරියට පරීක්ෂණ හරියට කෙරෙයිද කියලා අපි දන්නෙත් නැහැ" - අති උතුම් කාදිනල්තුමා

සෙසු සිද්ධීන්වල පරීක්‍ෂණ මෙන්ම පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ ද නිසි පරිදි සිදු නොවීමට ඉඩ ඇති බවට තමාට සැකයක්ද පවතින බවයි, අක්මීමණ, තල්ගස්යාය ප‍්‍රදේශයේ විහාරස්ථානයක දහම් පාසලක පැවති සංවත්සරික උත්සවයකට එක්වෙමින් කාදිනල්තුමන් ප‍්‍රකාශ කරන්නේ. 

දූෂණය නොමැති කිසිඳු තැනක් ශී‍්‍ර ලංකාවේ කිසිම තැනක නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ එතුමා ප්‍රකාශ කළා. සියළු දෙනා නීතිරිති උල්ලංඝණය කිරීමට පුරුදු වී ඇති බවද කාදිනල්තුමන් කියා සිටියා. 

"පාස්කු ඉරිදා ප්‍රහාරය එක පාර ඇති වුණු දෙයක් නෙමෙයි. ඒක අවුරුදු ගණනාවක් තිස්සේ ඉදලා සූදානම් වෙච්ච කරගෙන ගිය වැඩපිළිවෙලක ප්‍රතිපලයක් හැටියටයි  මම දැක්කෙ. මේ වැඩපිළිවෙල ලංකාවෙ වැඩ පිළිවෙලක් ද පිටරටින් සංවිධානය වෙච්ච වැඩපිළිවෙලක් ද කියලා අපිට කියන්න අමාරුයි. මොකද තාම ඒ වාර්තාවල් ලැබිලා නැහැනෙ. ඒ පරීක්ෂණවලටත් දැන් මත භේද මතුවෙලා තියනවා. 

ඉතිං සමහරවිට ඔය පරීක්ෂණ හරියට කෙරෙයිද කියලා අපි දන්නෙත් නැහැ. මේක අපේ ලංකාවේ සංස්කෘතියෙ කොටසක් වෙලා. මිනීමරනවා. මුකුත් කරන්නෑ. මට ටිකක් සැකයක් එනවා මේවත් කොහොම වෙයිද කියලා. ලංකාවෙ පොළොව නිදහසින් පස්සෙ ලේ වලින් පිරිච්ච පොළොවක් බවට හැරිලා. ඇත්ත වශයෙන්ම අවාසනාවන්තයි. හේතුව දේශපාලන ලෝකය තුළ විනය අනෙති වීමේ තත්ත්වයක්. අපේ දේශපාලනය කරන අයත් ඒකට වග කියන්න ඕන"




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu