gossiplanka alexa රතන හිමි බැහැ දැකීමට කාදිනල් හිමිපාණන් මහනුවරට, මේ රට දේශපාලකයින්ගේ බූදලයක් නොවන බව උන්වහන්සේ පවසයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රතන හිමි බැහැ දැකීමට කාදිනල් හිමිපාණන් මහනුවරට, මේ රට දේශපාලකයින්ගේ බූදලයක් නොවන බව උන්වහන්සේ පවසයි

පවාසයේ නිරත අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීමට මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් මීට සුළු මොහොතකට පෙර දළදා මාළිගා පරිශ්‍රයට ගොස් තිබෙනවා. එහි දී මාධ්‍යයට අදහස් දැක් වූ උන් වහන්සේ 


"අපි ක‍තෝලිකයින් වශයෙන් මේ අවස්ථාවේ දී මෙතනට ඇවිල්ලා ඉන්නවා. එදා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න. ඒ සිද්ධියෙන් පස්සේ අපේ මේ හාමුදුරුවන් වහන්සේ ඒ සිද්ධියට අදාළ සැබෑ තත්ත්වය හොයාගෙන තමයි උපවාසය ආරම්භ කර තියෙන්නේ. මේ සිද්ධිය පිටිපස්සෙ ඉන්නෙ කවුද? මේ බෝම්බ සිද්ධියට අනුග්‍රහය දැක්වුවේ කවුද? අනුබල දුන්නේ කවුද කියන සත්‍ය තාම අපිට එළිදරව් වෙලා නැහැ.

ඇතැම් නිළධාරීන් පස්සෙ යාමේ ප්‍රවණතාවක් පටන් අරන් තියනවා. ඒ වුණාට මේවා පිටිපස්සෙ ඉන්නේ කවුද ප්‍රහාරයට වක්‍රව සම්බන්ධ කවුද කියලා තාම පරීක්ෂණ පවත්වලා නැහැ. මේව පිටිපස්සෙ ඉන්න අය ගැන විශේෂයෙන් සෙවිය යුතුයි. එවැනි අවස්ථාවක තමා ඇතැම් මේ දේශපාලකයින් මේකට සම්බන්ධයි කියලා තමයි රතන හාමුදුරුවො මේ උපවාසෙ කරන්නෙ. ඒ නිසා ජනාධිපතිවරයා ඒ ගැන හොයලා බලලා කටට්යුතු කල යුතුයි. අවුරුදු 5ක්ට 6ක්ට රට පාලනය කරන්න මිනිස්සු එයාලට රට භාර දූන්නා මිසක් ඒයාලගෙ බූදලයක් නෙමේ මෙ රට. තාමත් මේ රට අයිති මහජනතාවට. හාමුදුරුවො මේ කරන ක්‍රියාව ඉතාම සාධාරණයි" යැයි පවසා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu