gossiplanka alexa ICC යෙන් ලංකාවට අඩු සැලකිලි නිසා පන්දු යැවීම පුහුණුවීමට එංගලන්තයේ අපේ කොල්ලෙක් කැඳවා ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ICC යෙන් ලංකාවට අඩු සැලකිලි නිසා පන්දු යැවීම පුහුණුවීමට එංගලන්තයේ අපේ කොල්ලෙක් කැඳවා ගනී

නෑම කණ්ඩායමක් විදේශයකදී පුහුණුවීම් කරන අවස්ථාවකදී දැල් තුළ පන්දු යැවීමට ක්‍රීඩකයන් ලබා දීම සම්ප්‍රදායයි. කෙසේ වෙතත් මෙවර ලෝක කුසලානයේදි ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට එතරම් හොඳ පන්දු යවන්නන් ලබා දීමට අයි.සී.සීය පියවර ගෙන නැහැ.  මේ හේතුවෙන් ලෝක කුසලානයට ක්‍රීඩා කරනා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට පුහුණු දැල තුළ හොඳින් පුහුණුවීම සඳහා අවශ්‍ය පන්දු යැවීමට යෝක්ෂයර් ප‍්‍රාන්ත පි‍්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරමින් සිටි බිනුර ප්‍රනාන්දු කැඳවා තිබෙනවා.  ඒ වේග පන්දු යවන පුහුණුකරු රුමේෂ් රත්නායකගේ ආරාධනයකට අනුවය.

23 හැවිරිදි බිනුර ප‍්‍රනාන්දු ශ්‍රී ලංකාව නියෝජනය කළ වේග පන්දු යවන්නෙක් වන අතර ශ්‍රී ලංකා වේග පන්දුවේ අනාගතය යැයි දැඩිව විචාරක පැසසුම් ලැබූ පන්දු යවන්නෙක්. . ලෝක කුසලාන සංචිතයට නම් නොවුනද, දැල් පන්දු යවන්නෙක් වීම තුල කිසිඳු ප්‍රතිලාභයක් නොවුනද, සිය තරගාවලිය අතහැර බිනුර රට වෙනුවෙන් පැමිණීම ප්‍රශංසා කළ යුත්තකි.

ශී‍්‍ර ලංකාව සතු වේග පන්දු යවන්නන් අතුරින් වැඩිම උසකින් (අඩි 6.6) යුත් ක‍්‍රීඩකයා වන්නේද බිනුර ප‍්‍රනාන්දුය. ඔහු 2015 වසරේදී පාකිස්තානයට එරෙහිව ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ අතර එම විස්සයි විස්ස තරග දෙකේදී කඩුලු 3 ක් දවා ගැනීමට බිනුරට හැකිවිය. එහිදි ඔහු විසින් දවා ගත් ෂාහිඩ් අෆ්රිඩිගේ කඩුල්ල මෙරට රසිකයන්ගේ මතකයේ තවමත් රැඳී පවතියි.

‘‘රුමේෂ් සර් මගෙන් අහැව්වා පන්දු යවන්න එනවද කියලා. ඒ නිසා මම ආවා. මම ක‍්‍රීඩා කරන්නෙ ප‍්‍රාන්ත තරගවලදී අසාර්ථක වන ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා කරන පි‍්‍රමියර් තරගාවලියට. ඒක මට ලැබුණු ලොකු අවස්ථාවක්. මෙහෙ තියෙන්නෙ වේග පන්දු යවන්නන්ට උචිත තණතීරු. මම දැනට තරග හතරකට කී‍්‍රඩා කරලා කඩුලූ 15 ක් දවා ගෙන තියෙනවා.’’

‘‘පාකිස්තානය සමග 2015 වසරේදී විස්සයි විස්ස තරග දෙකකට ක‍්‍රීඩා කළා. ඊට පස්සෙ මගේ පාදයේ ආබාධයක් ඇති වුණා. ඒ ආබාධයෙන් පස්සෙ 2018 වසරේදී මාව ආයිත් ජාතික කණ්ඩායමට කැඳෙව්වා. ඊට පස්සෙ යළිත් අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඒ නිසා එංගලන්තයට ඇවිල්ලා අත්දැකීම් ලබා ගන්න මම හිතුවා. ඉදිරියේදී මම හිතනවා යළිත් ජාතික කණ්ඩායමට එන්න පුළුවන් වෙයි කියලා. අපිට හොඳ වේග පන්දු යවන්නන් ඉන්නවා.’’ බිනුර වැඩි දුර අදහස් දක්වමින් කියා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu