gossiplanka alexa ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන බලාපොරොත්තුව ඉහළ නංවමින් එංගලන්තය ලැබු පරාජය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන බලාපොරොත්තුව ඉහළ නංවමින් එංගලන්තය ලැබු පරාජය


ක්‍රිකට් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා එංගලන්තය, බංග්ලාදේශය, ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර තියුණු තරඟයක් නිර්මාණය වී තිබෙනවා.

අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් එංගලන්ත කණ්ඩායමට ඕස්ට්‍රේලියාව සමඟ පැවති අද තරගයේ ජය තීරණාත්මක එකක් බවට පත් වුණා.  කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම අද තරගය ලකුණු 64කින් පරාජය වුණා. එංගලන්තය අද තරඟය ඇතුළුව ඉදිරි තරග පරාජයට පත් වුවහොත් ප‍්‍රසාද ලකුනු සටහනේ ඔවුන්ට පහළින් ඇති කණ්ඩායම්වලට යම් වාසිදායක තත්ත්වයක් උදා වනු ඇති බවක් තමා පෙනෙන්නට තිබුණේ. 
     
ඕස්ට්‍රේලියාව ලද ජයග්‍රහණයත් සමඟම මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම බවට පත් වීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළා. ඒ අනුව ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 285ක් ලබා ගත්තා.

ආරෝන් ෆින්ච් ලකුණු 100ක් සහ ඩේවිඩ් වෝනර් ලකුණු 53ක් රැස් කළා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 123ක්.

කෙසේ වෙතත්, අනතුරුව යළි තරගයට හොදින් අවතීර්ණ වූ එංගලන්තය අවසන් පන්දුවාර 20 තුළ දී තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම තමන් යටතේ තබා ගත්තා.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් වෝක්ස් කඩුලු 2ක් බිද හෙලුවා. ඊට අමතරව ජොෆ්ර ආචර්, බෙන් ස්ටොක්ස්, මොයින් අලී සහ මාර්ක් වුඩ් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 44.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 221ක් පමණයි.

බෙන් ස්ටොක්ස් ලකුණු 89යි.

පන්දු යැවීමේ දී ජේසන් බෙහ්රෙන්ඩොර්ෆ් කඩුලු 5ක් සහ මිචෙල් ස්ටක් කඩුලු 4ක් බිද හෙලුවා.

මෙම පරාජයත් සමඟම එංගලන්ත කණ්ඩායම ලකුණු ලැයිස්තුවේ 4වන ස්ථානයට පත් වුණා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu