gossiplanka alexa මෙවර වෙසක් පෝයට සිරකරුවන් 762කට නිදහස

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙවර වෙසක් පෝයට සිරකරුවන් 762කට නිදහස

මෙවර වෙසක් තෙමඟුලට සමගාමීව ජනාධිපති පොදු සමාව යටතේ ඉතිහාසයේ ප්‍රථමවතාවට බන්ධනාගාරගත වුවන් 728 දෙනකු නිදහස් කර හැරීමට නියමිතය. බලපත්‍ර මත පුද්ගලයන් 34 දෙනකු නිදහස් කෙරේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසන්නේ පොදු සම්මව ලබන පුද්ගලයන් අතර පිරිමි 702ක් හා කාන්තාවන් 26 දෙනකු සිටින බවත් ඔවුන් සියලු දෙනාම සුළු වැරැදි සම්බන්ධයෙන් සිරගත වුවන් බවත්ය.

ඉහත කී පුද්ගලයන් 728 දෙනාට අමතරව බන්ධනාගාරගතව සිටි තවත් පුද්ගලයන් 34 දෙනකුටද නිදහස ලැබීමට නියමිත බවද එකී පුද්ගලයන් යහපත් කල්ක්‍රියාවෙන් යුක්තව දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් ඔවුන්ට එසේ නිදහස ලැබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මේ අනුව මෙවර වෙසක් තෙමඟුලට සමගාමීව සිරකරුවන් හා සිරකාරියන් 762 දෙනකු නිදහස ලැබීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උපුල්දෙණිය මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නිදහස ලබන සියලු දෙනා දිවයිනේ සියලුම බන්ධනාගාරවලින් තෝරාගත් පුද්ගලයන් වන අතර බන්ධනාගාරගතව සිටින ඥානසාර හිමියන් නිදහස් කර හැරීමට උපදෙස් ලැබී නොමැති බවද ඒ මහතා කීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu