gossiplanka alexa රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට එජාප පිරිසක් සහය දෙනවා - රතන හිමි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට එජාප පිරිසක් සහය දෙනවා - රතන හිමි

මාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට සහාය දෙන බව ආණ්ඩුව නියෝජනය කරනු ලබන එක්සත් ජාතික පක්‍ෂයේ  ජනතා නියෝජිතයන් පිරිසක් තමාට ප්‍රකාශ කළ බව විපක්‍ෂය නියෝජනය කරනු ලබන එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ.

අන්තවාදී සංවිධාන රැකගනිමින් ඔවුන්ට ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට දේශපාලන රැකවරණ ලබාදුන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විෂවාසභංග යෝජනාවට විරුද්ධ වීමට පාර්ලිමේන්තුව නියෝජනය කරුනු ලබන කිසිවකුට නොහැකි බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පෙන්වා දෙති. මෙම විශ්වාසභංග යෝජනාවට සහාය ලබාගැනීම සඳහා වන සාකච්ඡා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලුම දේශපාලන පක්‍ෂ සමඟ පවත්වන බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

ඇතැම් දේශපාලන පක්‍ෂ සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර අනෙක් දේශපාලන පක්‍ෂ සමඟ සඳුදා සිට සාකච්ඡා ආරම්භ කරන බවද රතන හිමියෝ කියා සිටිති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu